කලා අභිනය හරහා සමාජය ඇමතීම.

  • 16

කවුරු මොනවා කිව්වත් කලාව සහ මානව වර්ගයා අතර ගැඹුරු අවියෝජනීය සම්බන්ධතාවයක් ඇතිබව පෙනේ.

අතීතයේ මෙන්ම වර්තමාන ලෝකය ද මනුෂ්‍ය වර්ගයාගේ රසභාවය පෝෂණය කිරීම සඳහා විවිධාකාර වැඩසටහන් දියත්කරන්නා බව දක්නට ලැබේ. මහ පොලොව මත උපත ලැබෙන හැම පුද්ගලයෙකු ම කිසියම් හෝ ආකාරයකින් කලාව හා සම්බන්ධ වේ. මිනිසාගේ පැවැත්මට මූලික වන ප්‍රධානතම සාධකයක් ලෙස කලාව සඳහන් කළ හැක.

සමාජය මුල්කොටගෙන නිර්මාණය වූ කලාව එම සමාජයේ පැවැත්මට, සමෘද්ධියට, කාලීන ධනාත්මක වෙනසට විශාල වශයෙන් උපකාරී වේ. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් ප්‍රකාශයට පත් සමාජ ඓතිහාසික පසුබිමෙහි ඒ සමාජය එම නිර්මාණය කෙරෙහි දක්වන ප්‍රතික්‍රියා විමසා බැලීම ද සමාජීය සාහිත්‍ය අධ්‍යයනයට අදාළ වන තවත් පැතිකඩක් ලෙස මහාචාර්ය සුරවීර මහත්මයා “කලාව යනු කුමක්ද?” යන තම පොතෙහි සඳහන් කරයි.

ලොවේ විශාල බලපෑමක් ඇතිකළ සෑම විප්ලවවාදියෙකුම තම මතය සමාජගත කිරීම සඳහා කලාව භාවිතා කර ඇතිබව පෙනේ. සාමාන්‍ය ජනතාව දැනුවත් වන්නේ නැතුව සමාජයේ වෙනසක් ඇතිවීමට නොහැක. එම නිසා සාමාන්‍ය මිනිසුන්ට අවබෝධ කර ගැනීමට හැකි ආකාරයට දෙබස්, සංගීතය , නර්තනය , අභිනය සහ නාට්‍ය කලාවේ විවිධ කොටස්වල නාට්‍යකරුවන් උනන්දු කරලීමෙන් දැනුවත් කිරීමෙන් එය තව දුරටත් සාර්ථක කර ගැනීමට හැකි වී තිබේ.

වත්මත් ලෝකයේ යම් අදහසක් ඉදිරිපත් කිරිම සඳහා විවිධ මාර්ග සහ මාධ්‍ය තිබිය ද එහි ප්‍රමුඛ ස්ථානය හිමිකරගත් මාධ්‍යයක් ලෙස කලාසාහිත්‍ය මාධ්‍යය හැඳින්වේ. තිර දර්ශන සහ කෙටි නාට්‍ය හෝ චිත්‍රපට හරහා අදහස් ඉදිරිපත් කිරීම නැතහොත් සංගීත සහ music හරහා අදහස් ඉදිරිපත් කිරීම යන විවිධ ක්‍රමයන් භාවිතා කිරීමට හැකි වන්නේ නම් එය තවත් අලංකාරවත් වේ.

උස්පහත් භේද නොසලකා හැර සමාජය සහ ජාතිය වෙනුවෙන් කලාකරුවන් නිර්මාණය කිරීමට ඉදිරිපත් වෙමු.

රිනාස් ලරීෆ්

කවුරු මොනවා කිව්වත් කලාව සහ මානව වර්ගයා අතර ගැඹුරු අවියෝජනීය සම්බන්ධතාවයක් ඇතිබව පෙනේ. අතීතයේ මෙන්ම වර්තමාන ලෝකය ද මනුෂ්‍ය වර්ගයාගේ රසභාවය පෝෂණය කිරීම සඳහා විවිධාකාර…

කවුරු මොනවා කිව්වත් කලාව සහ මානව වර්ගයා අතර ගැඹුරු අවියෝජනීය සම්බන්ධතාවයක් ඇතිබව පෙනේ. අතීතයේ මෙන්ම වර්තමාන ලෝකය ද මනුෂ්‍ය වර්ගයාගේ රසභාවය පෝෂණය කිරීම සඳහා විවිධාකාර…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *