සරසවි සවිය

  • 44

වසන්තය නොකියාම බැසගිහින්
දහස්වර පියනැඟු පඩිපෙළට රහසින්
ගසට යටින් පොඩි ගෙඩි වැටෙන තාලයෙන්
මතකයි සිව් වසර ගතවුණා එකිනෙකින්… 1234

කොණ්ඩ කපල බාට දාල පිරිමි ළමයි පේළියට
කොණ්ඩ කරල් දෙක බැඳල ගැහැනු ළමයි දිග සායට
නවකයිලු අපි තාම ලොකුද ඇහුවා තරම
බකට් වී සමාජය ගතවුණාමයි දිණුම

දුර ඈත ලඟපාත හඳුනගන්නට කෙටිම
යාළුවෝ නෙවෙයි වුන් සහෝදරයොලු බොහොම
පන්තියක කැන්ටිමක බෝඩිමක හැම තැනම
අකුරු මැද සිනහවෙන් කියෙව්වේ අපි ගැනම

ෆන්ෂන්ලු ට්‍රිප් එකලු ඒ අතර එක්සෑම්
කැන්ටිමේ කැරම් එක පිට්ටනිය අයිඈම්
රැග්කාලෙ හිටියවුන් දැන් ඉතින් හරි නයිස්
ඒ දැකල සින්නොටික වෙයි නිතර කන්ෆියුස්

පළමු වසරට බායි දෙවන වසරට හායි
අලුත් බැච් එකේ වැඩ හරියටලු ජේෂ්ඨයි
නිදහසේ ඉගෙනුමට අරගලය මාවතයි
ඒ අතර ආදරය අරගලය අබිබවයි

ජීවිතේ දිනාගෙන අලුත් දැනුමක් ගන්න
ඉගෙනීම වාගේම බාහිරත් පිවිසෙන්න
බෝඩිමේ ඉන්නකං උයාගෙන අපි කන්න
දෙක වසර මහමෙරක් හැමෝටම තුති වෙන්න

හය මාසෙ පුහුණුවට දිවා රෑ වෙහෙසෙන්නෙ
ඔඩිට් එක අතරමග පාඩමක් නැහැ දන්නෙ
නයි⁣ට මිස් ඇවිල්ලා සුපිරි උපදෙස් දෙන්නෙ
තුන වසරෙ අපි ඉතින් ඒව අහගෙන ඉන්නෙ

අවසාන අවුරුද්ද මේ අපේ එක් වූ
විසිරී ඇතැයි සිතේ ඇතැම් වල්මත් වූ
පැත්ත නැති අපි වගේ වුන් ටිකයි සෙට් වූ
එකේ වාගෙම ඉඳිමු හතර ඇයි ලොකු වූ

ඉතින් අවසරයි ඔය හැමෝටම සුබ දිවිය
රැකියාව විවාහය ගෙදර දොර හැම සවිය
කිසිදාක අමතකම නෑ නේද අපෙ කවිය
ගලන රත් රුධිරයෙන් අපි සැවොම එකමවිය

හිටපු අය යන්න යයි අලුත් අය පැමිණෙයි
තමා යම් තැන ඇතිද ඒ මෙය නිසා යැයි
උසස් ජාතික මව්නි සදා සිහිවුණා වෙයි
අපට කළ ආලයට අප සදා ණය ගැතියි

2016 වසර උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවේදීන්ගේ සිව්වස් අද්‍යයන පූර්ණය වෙනුවෙන් ආරම්භයේ සිට 2020 වසර දක්වාම අප හට ගුරුහරුකම් ලබාදුන් අපගේ දේශක මණ්ඩලයටද සහාය දැක්වූ ආයතන පරිපාලන
අංශයටද අනද්‍යයන සේවක මණ්ඩලයටද සහෝදර බැඳීමෙන් අප හා සමකාලීනයන්ටද අපට ඉහළ ජ්‍යෙෂ්ඨත්වයටද අපට පහළ කණිෂ්ඨත්වටද ගම්වාසීන්ටද ස්තූතිය පුදකර සිටිමු!

THANK YOU HNDA
THANK YOU FIVEHEART
සමීර උදයංග ගුරුගේ ( පුරන් )
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව – 2016

වසන්තය නොකියාම බැසගිහින් දහස්වර පියනැඟු පඩිපෙළට රහසින් ගසට යටින් පොඩි ගෙඩි වැටෙන තාලයෙන් මතකයි සිව් වසර ගතවුණා එකිනෙකින්… 1234 කොණ්ඩ කපල බාට දාල පිරිමි ළමයි…

වසන්තය නොකියාම බැසගිහින් දහස්වර පියනැඟු පඩිපෙළට රහසින් ගසට යටින් පොඩි ගෙඩි වැටෙන තාලයෙන් මතකයි සිව් වසර ගතවුණා එකිනෙකින්… 1234 කොණ්ඩ කපල බාට දාල පිරිමි ළමයි…

7 thoughts on “සරසවි සවිය

  1. I like this post, enjoyed this one appreciate it for putting up. “I never let schooling interfere with my education.” by Mark Twain.

  2. I’ve been surfing online more than 3 hours today, yet I never found any
    interesting article like yours. It’s pretty worth enough for me.

    In my view, if all web owners and bloggers made good content as you did,
    the web will be much more useful than ever before.

  3. I genuinely enjoy looking at on this web site, it has superb content. “Something unpredictable but in the end it’s right, I hope you have the time of your life.” by Greenday.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *