සාන්ත ජෝසප්වරුන් අවසන් තරගයට

  • 14

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා.  

මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් පූර්ව වටයේ තරගයේ ප්‍රතිවාදීන් වූයේ කඳාන ද මැසිනෝද් විද්‍යාලයයි.  

සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම: ලහිරු අමරසේකර (නායක), අභිශේක් ජයවීර, හිරුන් කපුරුබණ්ඩාර, අවීශ සමාෂ්, හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), රෂ්ම අමරසිංහ, මානස මධුභාෂණ, යෙනුල දෙව්තුස, නුෂාන් පෙරේරා, දුනික් පෙරේරා, ඩේමියන් ද සිල්වා. 

ද මැසිනෝද් විද්‍යාලයීය කණ්ඩායම: උවින් පෙරේරා (නායක), ජනිත් කාරින්ද්‍ර, නෙශාන් ඩයස්, තත්ශුක ඉන්දීප, දිනෝෂ් ජෙලොන්, තරීන් සන්කෙත්, ෂෙවාන් මෙනූෂ (කඩුලු රකින්නා), නිකලෝ ශැරෝන්, සවිනු චන්තුල, දිනිඳු සශ්මිත්, කවිඳු කෞෂල්‍ය.  

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ද මැසිනෝද් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි. එම ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී ගොස් සපුරා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූ අතර ඒ අනුව ඔවුන්ට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි වුණා.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ද මැසිනෝද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ තත්සුක ඉන්දීප. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා. ඊට අමතර තරීන් සංකෙත් බව්සු 72කට මුහුණ දෙමින් ලකුණු 31ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 34ක සබඳතාවක් එක් කළා.  

ඊට අමතර ව නායක උවිඳු පෙරේරා පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමගින් ලකුණු 18ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.  

ඔවුන් පාලනය කිරීමේ දී ලහිරු අමරසේකර ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුනික් පෙරේරා, යෙනුල දෙව්තුස සහ ඩේමින්යන් ද සිල්වා කඩුලු 2ක් බැගින් ද සහ නුශාන් පෙරේරා කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මානස මධුභාණ. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

ඔහු සහ රිශ්ම අමරසිංහ එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 98ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කළා. රිශ්ම අමරසිංහ ලබා ගත් ලකුණු සංඛ්‍යාව වූයේ පන්දු 51කට වාර්තා කරන ලද ලකුණු 25යි. ඊට හයේ පහරක් ද එල්ල කරන්නට ඔහු සමත් වෙනවා.  

ඊට අමතර ව පන්දු 10ක දී හතරේ පහර 5ක් සමගින් ලකුණු 24ක් ලබා ගත් හිරුන් කපුරුබණ්ඩාර සහ පන්දු 29කට දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා ගත් යෙනුල දෙව්තුස ද තම කණ්ඩායමේ ජයග්‍රහණය වැඩි දායකත්වයක් දැක් වූවා.  

කඩුලු දවා ගැනීමේ දී කාවින්ද කෞෂල්‍ය ලකුණු 37කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර සවිනු චංතුල කඩුල්ලක් දවා ගත්තා.  

අර්ධ අවසන් තරගය, මග්ගොන, නොවැම්බර් 18, 2023, U19 Division 1 Tier A Inter-Schools Limited Overs Tournament

ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන 
කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය 

ද මැසිනෝද් විද්‍යාලය – සියලුම දෙනා දැවී 128 (44.1) තත්ශුක ඉන්දීප 40, උවිඳු පෙරේරා 18, තරීන් සංකෙත් 31, දුනික් පෙරේරා 2/15, ලහිරු අමරසේකර 3/22, යෙනුල දෙව්තුස 2/24, ඩේමින්යන් ද සිල්වා 2/22 

සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 6ක් දැවී 130 (34) හිරුන් කපුරුබණ්ඩාර 24, රිශ්ම අමරසිංහ 25, මානස මධුභාෂණ 31, යෙනුල දෙව්තුස නොදැවී 23, කවිඳු කෞෂල්‍ය 4/37 

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක්. 

මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර මේ මස 19 වැනිදා මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

The post සාන්ත ජෝසප්වරුන් අවසන් තරගයට appeared first on ThePapare.com.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier…

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Notice: ob_end_flush(): Failed to send buffer of zlib output compression (1) in /home/youthcey/public_html/wp-includes/functions.php on line 5373

Notice: ob_end_flush(): Failed to send buffer of zlib output compression (1) in /home/youthcey/public_html/wp-includes/functions.php on line 5373