සොඳුරු දවස්

  • 7

මේසේ උඩ සගයන්ගේ නම් ලියා ප්‍රීති වූ දවස්….
වැස්සේ තෙමි තෙමි නටපු දවස්….
වැසි දවස්වල අම්මගෙන් බැනුම් අහගෙන පාසල් ගියපු දවස්….
පුංචි කවි ලියා ගෑණු යාලුවන්ව, සමනලයෝ වාගේ රවුම් ගහපු දවස්….

යාලුවන්ගේ අලුත් ඇඳුම්වල නිල් ගා සිනාසුනු දවස්….
අල්ලපු පංතිය සමඟ රණ්ඩුවෙන්න, මුලු පංතියම එකතු වූ දවස්….
ගෙදර පාඩම් නොකර ගුරුතුමාගෙන් ගුටි කාපු දවස්….
ගී ගයමින් නටා ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ගියපු දවස්….

අකීකරු ළමයි කියා ගුරුතුමියගෙන් බැනුම් අහපු දවස්….
විභාගයෙදී යාලුවන්ගේ උත්තර පත්තර වලින් කොපි කරපු දවස්….
ශාලිකා ගියාම යාලුවන් සමඟ ඡායාරූප ගන්න තරඟකර දවස්…
එක් කෑම පාර්සලයෙන් හැමෝමඑකමුතු වී බෙදා හදා ගන්තු දවස්….

දෑත් එකතු කරමින් මිතුරිය සමඟ පාසලට පයින් ගියපු දවස්…
මෙවැනි සොඳුරු මතකයන්, අමතක කර දැමීමට අපහසු වූ මතකයන්වේ…

Rifdha Rifhan
SEUSL

මේසේ උඩ සගයන්ගේ නම් ලියා ප්‍රීති වූ දවස්…. වැස්සේ තෙමි තෙමි නටපු දවස්…. වැසි දවස්වල අම්මගෙන් බැනුම් අහගෙන පාසල් ගියපු දවස්…. පුංචි කවි ලියා ගෑණු…

මේසේ උඩ සගයන්ගේ නම් ලියා ප්‍රීති වූ දවස්…. වැස්සේ තෙමි තෙමි නටපු දවස්…. වැසි දවස්වල අම්මගෙන් බැනුම් අහගෙන පාසල් ගියපු දවස්…. පුංචි කවි ලියා ගෑණු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *