නොනිමි චාරිකා – කෙටි කතා

”අම්මේ….” මොහොතක් ගත විය.

”අම්මේ……”

”එනවා.. ” කාමරක් තුළින් කට හඬක් ආයේය.

කාමරයේ දොර වැසෙන හඬින්, නිහඬතාව එක්වර බිදී ගියේ ය. පොළොවෙහි ගැටෙන සෙරෙප්පු හඬකි. සමන්ති බැලුවාය.

”අම්මේ.. පරක්කු වෙන්න එපා කියා තාත්තා කිව්වා. ඒත් ඔයා?” වදනින් සිනහව පුරවා ගත් ප්‍රෙමිලා

” හා… යමු. තාත්තා වගේමයි දුවත්…” වේගයෙන් කාර් එක බලා දිව්වා ය.

”සමාවෙන්න.. පොඩ්ඩක් පරක්කුවුණා…” සාලිය ඇය දෙස බලා සිනාසෙමින්

”හරි… අපි යන්නේ අම්මලගෙ ගෙදර නෙ… ඒකයි සමන්තිට ඉන්න බැරි….” සමන්ති සිනාමුසු මුහුණින්

”ඔව්.. අත්තම්මව, සුනිල්ව බලලා හුඟක් දවස්…”

”නිවාඩු කාලය ආවහම සමන්ති යන්නෙම අත්තම්මලගේ ගමට නේ…” කියමින් සමන්තගේ සුරත අල්ලගත්තාය. සමන්ති ඉතා සතුටින් ගමන ආරම්භ කරා ය.

******************

”තාත්තී…. ඇයි ඔයාට අත්තම්මව බලන්න ආස නැද්ද? ” සමන්තිව හැරිලා බැලු සාලිය

”අනේ…. එහෙම නැ…. මට වඩා ඔයා තමයි උනන්දු…. ”

”ආ… හරි හරි… දැන් ආවනේ…. ඒ ගැන කතා එපා….”

කාර් ගම්මාන මැද්දේ ගිහින් අත්තම්මලගේ ගෙදර ඉස්සරහ නතර වුණි.

”චූටි දූ….. ” අත්තම්මා සමන්තිව බදාගත්තාය.

”හරි…හරි… අම්මේ… මේ අවුරුද්දට ඉතිං මෙහිදී නතර වෙන්න තමයි …” සාලිය මහ හඬින් කියා සිනාසුනී.

”ම්… මෙහෙට එන් නැතුව කොහේ යන්නද? මගේ චූටි ආපු හින්දා මටත් සතුටුයි තමා…” අත්තම්මා කියමින් සමන්තගේ සුරත අල්ලගත්තාය.

”අත්තම්මා කෝ සුනිල්? ”

”ආ…. එයා කඩේට ගියා.. .. දැන් මග එනවා එති…” සමන්ති ආසාවෙන් මග බලා සිටියේය. තප්පර පහක් ගතවිය.

”අත්තම්මා…. කවුද ආවේ ?” සමන්ති සාලයට දිව්වාය.

”අනේ….මගේ සුනිල්….” ඇයව දැකපු සුනිල් ,

”අනේ… චුටි…. ඔයා…”

”ඔව් මම තමයි… අපි ඉස්සර වගේම ඉන්න තමයි ආවේ…. ” සුනිල්ගෙ අත අල්ලාගත්තු ඇය

”තවත් එකක්… මේ පාරේ ඔයාත් අත්තම්මයි ගෙදර එන්නම සිද්දවෙනවා…. ” ඇයගෙ සිනාසුනු මුහුණ දැකපු සුනිල්

”ඔන්න මේ අවුරුද්ද ගමේනේ… අපිට හරි සතුටුයි ඔයා ආවට…”

”ම්… මටත් එහම තමයි…. ”

දෙදෙනාම සිනාසෙමින් කීහ.

Rifdha Rifhan
SEUSL

Leave a Reply

Your email address will not be published.