නැවත සකස් කළ යුතු තනි මං තීර

වියාපාර  සහායක් යනු රටක ආර්ථික සංවර්ධනයට බලපාන සාධක වේ. බැංකු, රක්ෂණ, සන්නිවේදනය සහ ප්‍රවණතා සේවා මෙවැනි සේවාවන්ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මහින්ද රාජපක්ෂ රජයේ දෙවන කකාල පරිච්ඡේදය ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් සහායක සේවාවන්හි ප්‍රවණතා සේවාව වැඩි දියුණු කරනු ඇත.

අධිවේගි මාර්ග වවිවෘත කිරීම, වරාය, ගුවන්තොටුපොල පිහිට වීම, ප්‍රධාන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, ග්‍රාමීය අභ්‍යන්තර මාර්ග කොන්ක්‍රීට්, තාර දැමීම මෙවැනි මෙහයවන සහ එදින සිදුකරන ලද සමහර සේවා වන්ය. නමුත් ශ්‍රී ලංකාවේ නගරයේ ප්‍රධාන මාර්ග සංවර්ධනය වෙමින් පැවතුවත් ගමේ ප්‍රධාන මාර්ග සහ අභ්‍යන්තර මාර්ග ගැන සැලකිලිමත් නොකර, මැතිවරණ කාලයතුල පමණක් වියාජ පොරොන්දු පැමිණෙන්නේය. මෙය ග්‍රාමීය දුප්පතුන් කලකිරීමට පත් නොකර ග්‍රාමීය අභ්‍යන්තර මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වත්මන් රජය ඉදිරිපත් විය යුතුය.

අද ගමේ කොන්ක්‍රීට් මාර්ග දෙස බැලුවොත්, බොහෝ ස්ථාන වල වැසි සමයේ දී ගමන් කිරීම දුෂ්කර වේ. වර්තමාන සංවර්ධන යුගයේ තවත් මාර්ග කිහිපයක් තනි මං තීරු කොතරම් පීඩාකාරීද කියා බැලුවොත්, බයිසිකලයට පවා ගමන් කළ නොහැකි වීම තරම් ය.

මේ අනුව, මිනිසුන් බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙයි. සිවිල් වැසියන් ඇතුළු පාසල් සිසුන් ද වැසි සමයේ දී ග්‍රාමීය වීදිවල ගමන් කිරීමට අපහසුතාවට පත් වූ අතර, එක් මං තීරුවේ දෙපසම, දෙපසින් පැමිණෙන වාහන ගැටීමෙන් අනතුර සිදුව ඇත. ආබාධිත පුද්ගලයන්ව අවශ්‍යතාවය පිනිස රෝහල් සහ වෙළඳපොළ වෙනි ස්ථානවලට ප්‍රවාහනය කිරීමේදි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වී ඇත.

මෙවැනි ප්‍රදේශ වල මරණයකදී මළ සිරුරු යාමේ දුෂ්කරතා රාශියක් ඇත. තවත්ද , මෙවැනි පටු මාර්ග අසල ජීවත්වන කුඩා පරිමාණ සංවර්ධන මිනිස්සු, කෘෂිකාර්මික නිෂ්පාදකයින් තම නිෂ්පාදන අලෙවි කරණය කිරීමේදී විශාල දුෂ්කරතාවයට ලක්වනු ඇත.

මෙවැනි පාර අයිනේ ගෙවල්වල අපද්‍රව්‍යවල වල් පිරුණත් බහාලුම් වාහන බැහැර කිරීම සඳහා නිවැරදි ප්‍රදේශයට යාමට අපහසුතාවට මුහුණ දීමට සිදු වේ. මේම කරැණු එම ප්‍රදේශයේ සෞඛ්‍යයට බරපතල තර්ජනයකි. උපතේ සිට මරණය දක්වා මෙම එක් මං තීරු ගම්වැසියන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දදෙන්නට සිදුවන අතර, එයට හේතුව වන්නේ තනි මාර්ග යටපත් වී තියන බැවිනි.

ග්‍රාමීය ජීවිතය සංවර්ධන කිරීම සඳහා තනි මං තීරු පුළුල් කර නවීකරණය කළ යුතුය. කෙසේ වෙතත්, සමහර අඩුපාඩු නිසා, වෙනස්කමක් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති බව සඳහන්ය. එ වැනි වීදිවල ජීවිත් වන මිනිසුන් සාකච්ඡා මාර්ගයෙන් තම ප්‍රදේශ මාර්ග පුළුල් කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සහය පැතුවත් සමහර ධනවතුන්ගේ මැදිහත්වීම් හේතුවෙන් ඔවුන්ගේ ප්‍රාදේශයේ පවුල් ගැටලු ලෙස නිරූපණය කර ඇති අතර බලධාරීන්ගේ අවධානය යොමු වී නැත.

ග්‍රාමීය තනි ධාවන පථවල පළල සම්බන්ධයෙන් පැහැදිලි නීති නොමැති නිසා නිදහස් කරැණු ඉදිරිපත් කිරීමෙන් ද, නිලධාරීන් පැන ගනී. කෙසේ වෙතත්, වත්මන් රජය රටේ සංවර්ධනය සැලකිල්ලට ගෙන සමාජීය හා නීතිය අනුව වෙනස්කම් සිදු කෙරෙමින් පවති. මෙම අවස්ථාවේ දී අභ්‍යන්තර මාර්ගයේ පළල අඩි 16 හෝ 20 ක් දක්වා තියන්නට රජය විසින් තීරණය කර තිබේ. නීතිය ක්‍රියාත්මක කර රට පුරා පිහිටි පටු තනි වීදි දෙපස සිටින ඉඩම් හිමියන්ගේ ගොඩනැගිලි, බිත්ති වල පැහැරගෙන වන්දි මුදල් ගෙවිය යුතුය.

ඊළඟ ප්‍රශ්නය වන්නේ, රටපුරා තනි මං තීරු වලද තවත් ප්‍රධාන මාර්ග වලද වැසි සමයේ ජලයෙන් යටවී තියනු ඇත. මේ සඳහා හේතුව වන්නේ, මාර්ග දෙපස ප්‍රාමාණවත් ජල පවහන පහසුකම් සැපයීම තහනම් කිරීම සහ පළාත් පාලන ආයතන විසින් කාණු නඩත්තු නොකිරීම නිසා වෙන්ය. එබැවින් මේ සඳහා විසඳුම වන්නේ නව කාණුව සකස් කිරීම සහ පවතින කාණු පද්ධතිය අලුත්වැඩියා කර නඩත්තු කිරීමේ වැඩසටහන් මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කළ යුතුය.

Translate by Rifdha Rihan

Leave a Reply

Your email address will not be published.