Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
උසස් වීම් ලද ශ්‍රී සුමංගල සහ තිස්ස සටන 

උසස් වීම් ලද ශ්‍රී සුමංගල සහ තිස්ස සටන

  • 2

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය අද (24) සහ හෙට (25) නාරාහේන්පිට කිරි මණ්ඩල පාර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගයේ අවසන් මහා තරගය සුදුසුකම් ලබා ඇත්තේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයයි. ඔවුන් මීට පෙර පළමු වටයේ දී ද එකිනෙකා හමු වූ අතර එහි දී තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූවා.

මෙම කණ්ඩායම් 2 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමත් සමඟින් එළැඹෙන වසරේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී දෙවැනි පෙළින් පළමු පෙළට මේ වන විට ද උසස් වීම් ලබා තිබෙනවා.

දිවයිනේ කණ්ඩායම් 18ක ගේ සහභාගීත්වයෙන් පැවැති දෙවැනි කොටසේ  තරගාවලියේ දී ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ඔවුන් සහභාගී වූ කාණ්ඩයෙන් ශූරයන් බවට පත් වෙමිනුයි. කළුතර තිස්ස විද්‍යාලය තම කාණ්ඩයේ සිවු වැනියා බවට පත් වෙමින් පළමු වටය අවසන් කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

ඒ අනුව ශ්‍රී සුමංගල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පරාජය කරමින් ද සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පරාජය කරමින් ද අවසන් පූර්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් පූර්ව වටයේ දී ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් මාතර රාහුල විද්‍යාලය පරාජයක කරමින් ද සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

චමරි ලොව අංක එකට පැමිණෙයි!
ලෝක කුසලානයට යන ගමනේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන්
Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!

මෙම තරගයේ දී ශ්‍රී සුමංගල විද්‍යාලය විදූශ පීරිස් ගේ නායකත්වය යටතේත් සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය හිරුෂ නෙත්සර ගේ නායකත්වය යටතේත් පිටියට පිවිසීමට නියමිතයි. ඔවුන් ගේ සහායකයන් ලෙසින් කටයුතු කරන්නේ කවිඳු ගයාත්‍ර සහ ඉෂාර මලිත් යන දෙදෙනායි.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – විදූශ පීරිස් (නායක), කවිඳු ගයාත්‍ර (උප නායක), විශ්ව ලහිරු, රසික ඩිල්ශාන්, මන්මිත කහපලආරච්චි, අකිල වෙදමුල්ල, සෙනිර විජේගුණසිංහ, මවිඳු කුමාරසිරි, ක්‍රිශාන් එරංග, නේක්ෂ ඉද්දමල්ගොඩ, දිනාල් වීරසිංහ, සංදීප් විරසිංහ, බිහඟ සිල්වා, අනුශ ද සිල්වා, රුසිත් ජයවර්ධන.

ප්‍රියංකර නන්දසේන (ක්‍රිකට් භාර ආචාර්ය), අසේල පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), දිනුක හොඳකන්ද (සහාය පුහුණුකරු).

තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – හිරුෂ නෙත්සර (නායක), ඉෂාර මලිත් (උප නායක), අශාන් විශ්ව, අජිත් බුද්දිල, හේසිත අනුහස්, මලිඳු ඩිල්ශාන්, මිනූෂ මලිත්, මල්ෂ කවිශාන්, රන්දික පියුම්, උමන්ත ආකාශ්, තාරුක සමන්ජිත්, තිවින් විශ්වික, සදෙව් ඩිල්ශාන්, අශේන් ඉෂාර, සිතුම් මිහිරංග, හශේන් ඉම්සර, චමිඳු ලක්ශාන්, පසිඳු නෙත්රංජන.

චමිල් විජේවර්ධන (ක්‍රිකට් භාර ආචාර්ය), රිශාන් සජිත් (ප්‍රධාන පුහුණුකරු), හේෂාන් ලක්ෂිත (සහාය පුහුණුකරු), අවන්ත මධුශංක (පන්දු රැකීමේ පුහුණුකරු).

මෙම තරගයේ සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post උසස් වීම් ලද ශ්‍රී සුමංගල සහ තිස්ස සටන appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය අද (24) සහ…

[[{“value”:” ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය අද (24) සහ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *