Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
ඔෂදගෙන් ද්විත්ව ශතකයක් 

ඔෂදගෙන් ද්විත්ව ශතකයක්

  • 3

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට Galle කණ්ඩායම නියෝජනය කරන ඔෂද ප්‍රනාන්දු අද (24) සමත් වූවා. මෙය මෙවර තරගාවලියේ වාර්තා වූ තෙවැනි ද්විත්ව ශතකයයි.

මීට පෙර දඹුලු කණ්ඩායමේ පවන් රත්නායක යාපනය කණ්ඩායමට එරෙහිව ලකුණු 240ක් ද සහ ගාලු කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර යාපනය කණ්ඩායමට එරෙහිව ලකුණු 242ක් ද ලබා තිබුණා.

ඔෂද ප්‍රනාන්දු තම පළමු පෙළ තරග දිවියේ වාර්තා කරන ලද තෙවැනි ශතකයයි මේ. ඔහු ගේ මංගල ද්විත්ව ශතකය වන්නේ හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව NCC ක්‍රීඩාංගණයේ දී 2019 වසරේ දී ලකුණු 234ක් ලබා ගැනීමයි.

ඊට පසුව නැවත වතාවක් ඔහු 2022 වසරේ දී මහනුවර කණ්ඩායම නියෝජනය කරමින් කොළඹ කණ්ඩායමට එරෙහිව කොළඹ SSC පිටියේ දී ලකුණු 201ක ලබා ගත්තා.

මේ අතර දඹුල්ල කණ්ඩායමේ නායක සොනාල් දිනූෂ අද තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වූවා. ඔහු යාපනය කණ්ඩායමට එරෙහි ව මෙම කඩඉමට පිවිසියේ ලකුණු 112ක් ලබා ගනිමිනුයි.

මේ අතර අද පැවැති තරගවල දී කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වීමට යාපනය කණ්ඩායමේ දිලුම් සුදීර සමත් වූවා. ඔහු දඹුලු කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ තරග 34ක් වන තම පළමු පෙළ තරග දිවියේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 7 වැනි අවස්ථාව බවට මෙය පත් කර ගත්තා.

19 වැනි තරගය, දඹුල්ල, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Colombo

o ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල.

පෙර දිනයේ දී තරගය නතර කරන විට කොළඹ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 296ට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 3ක් ලබා සිටි අතර අද ඔවුන් තම ඉනිම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 361ක් දක්වා රැගෙන ගියා.

එම ඉනිමේ දී ආරම්භක පිතිකරු ඔෂද ප්‍රනාන්දු පන්දු 280කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 200ක් ලබා ගත්තා.

ඔහු නිශාන් පීරිස් හා 2 වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 121ක සබඳතාවක් ද, පසිඳු සූරියබණ්ඩාර හා එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් ද සහ ලක්ෂාන් එදිරිසිංහ හා එක් ව ලකුණු 104ක සබඳතාවක් ද එක් කළා.

එහි දී නිශාන් පීරිස් පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ද, පසිඳු සූරියබණ්ඩාර පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද සහ ලක්ෂාන් එදිරිසිංහ පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ද රැස් කළා.

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 36කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව නිපුන් ධනංජය, අශේන් බණ්ඩාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (78.3) දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70

Galle – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 361 (89.0) ඔෂද ප්‍රනාන්දු නොදැවී 200, නිශාන් පිරිස් 46, පසිඳු සූරියබණ්ඩාර 33, ලක්ෂාන් එදිරිසිංහ 46, ඉසිත විජේසුන්දර 2/36

මෙම තරගය හෙට (25) තෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

උසස් වීම් ලද ශ්‍රී සුමංගල සහ තිස්ස සටන
T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි
රනේෂ් සිල්වා NSL ශතක සමාජය
චමරි ලොව අංක එකට පැමිණෙයි!
ලෝක කුසලානයට යන ගමනේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන්

20 වැනි තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Dambulla

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ.

පෙර දිනයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබා සිටි දඹුලු ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී 392ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 37ක් ලබා සිටි නායක සොනාල් දිනූෂ අද තම පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකය වාර්තා කළා. ඔහු පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා.

ඔහු නවීන් ප්‍රනාන්දු සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වීම කැපී පෙණුනා.

නවීන් ප්‍රනාන්දු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 130කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. දිලුම් ට අමතර ව කල්හාර සේනාරත්න කඩුලු 2ක් ද සහ ජනිත් ලියනගේ සහ ලහිරු මධුශංක කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා. එම ඉනිමේ එතෙක් වැඩිම ලකුණුලාභියා වූයේ සංතුශ් ගුණතිලකයි.

ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.

තරගය දෙවැනි දිනයට නතර කරන විට නිපුන් කරුණානායක නොදැවී ලකුණු 28ක් ද සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී නවීන් ප්‍රනාන්දු ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත් අතර චමිඳු විජේසිංහ කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 392 (122.3) සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ 112, නවීන් ප්‍රනාන්දු 32, දිලුම් සුදීර 5/130, කල්හාර සේනාරත්න 2/49

Jaffna – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 121 (31.0) සඳුන් වීරක්කොඩි 25, සංතුශ් ගුණතිලක 43, නිපුන් කරුණානායක නොදැවී 28, නවීන් ප්‍රනාන්දු 2/28

මෙම තරගය හෙට (25) දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

The post ඔෂදගෙන් ද්විත්ව ශතකයක් appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට Galle කණ්ඩායම නියෝජනය කරන ඔෂද ප්‍රනාන්දු අද (24)…

[[{“value”:” ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට Galle කණ්ඩායම නියෝජනය කරන ඔෂද ප්‍රනාන්දු අද (24)…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *