කොරෝනා හෙවත් භයානක වසංගත රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ග.

  • 15

සහෝදර සහෝදරියනි,
ඔබ සියලූම දෙනාට දෙවියන්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!
කාරුණික ඉල්ලීමක්

භයානක කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය, බලධාරීන් සහ සෞඛ්‍ය අංශය කඩිනම් ක්‍රියාමාර්ග කිහිපයක් කැපවීම් සහගත ව හා පරිත්‍යාගශීලී ව ගෙනයන මෙවැනි අවස්ථාවක එහි සාර්ථකත්වය උදෙසා පූර්ණ සහයෝගය ලබාදීම මහජනතාව වන අපගේ යුතුකමකි. වගකීම් සහගතව කටයුතු කිරීම ද අපගේ යුතුකමකි. ඕනෑම අවස්ථාවක නොසැලකිලිමත් ව ක්‍රියා කිරීම අපට, අප ජාතියට හා සමාජයට කරන ද්‍රෝහීකමක් යන්න නිසැක ය. එපමණක් නොව ආගමික දැක්මට අනුව ද එය මහා පාපයක් වනු ඇත.

වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගත යුතු වැදගත්ම පියවර වන්නේ, මිනිස් සම්බන්ධතා හැකිතාක් වළක්වා ගැනීම යි. නොවැළැක්විය හැකි කරුණු කාරණා මත සම්බන්ධතා පැවැත්වෙන අවස්ථාවල එහි එක්රැස් වන පුද්ගලයන් එකිනෙකා අතර අවම වශයෙන් මීටර දෙකක පරතරයක් පවත්වා ගත යුතු බව අවධාරණය කෙරේ. එබැවින්, ව්‍යාතිරේඛයකින් තොර ව සෑම අවස්ථාවක ම, විශේෂයෙන් වෙළඳපල සහ කඩසාප්පු වැනි මිනිසුන් එක්රැස් වන ස්ථානවල අනිවාර්යෙන් මෙම පරතරය පවත්වා ගත යුතු ය. එවගේම, පිටතට යාමට අවැසි වූයේ නම්, කිසියම් හෝ ආකාරයකින් නාසය ආවරණය කිරීමට අප සැමවිටම මතක තබා ගත යුතු ය. ඒ සමඟ ම වසංගතය පාලනය කිරීම සඳහා අපට ලබා දී ඇති සියලුම උපදෙස්වලට අනුකූල කටයුතු කළ යුතු ය. අතිශය ප්‍රවේශමෙන් කටයුතු කිරීමට අප කැප වී සිටිම යෙහෙකි.

සෞඛ්‍ය අංශ නිළධාරීන්ගේ උපදෙස්වලට අනුව සෑම විට ම දෑත් සේදීම ද අපගේ යුතුකමක් බව මතක තබාගත යුතු ය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ ද වසංගත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙසිනි. එම නියෝගය ඉතා ප්‍රවේශමෙන් අනුගමනය කිරීම ද අපගේ යුතුකමක් වේ. විශේෂයෙන් තරුණයන් හා කුඩා දරුවන් කණ්ඩායම් වශයෙන් එක්රැස් වී කතාබහ කිරීම හෝ සෙල්ලම් කිරීම වැනි ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම වළක්වාගත යුතු ය. මෙවැනි වසංගතයක් ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක ගතහැකි හොඳම ස්ථාවරය වනුයේ සෑම දෙනාම තම නිවෙස්වල ස්වයං නිරෝධායනයක යෙදී සිටීම යි. ඒ පිළිබඳ ව වෛද්‍ය අංශ අවධාරණය කරන සේම අපි අදහන ආගම් ද අවධාරණය කර ඇති බව මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමු.

වසංගතයක් ව්‍යාප්ත වන අවස්ථාවක ඉවසිලිවන්ත ව අල්ලාහ්ගෙන් යහපත අපේක්ෂා කරමින් ඔහුගේ කැමැත්තට විරුද්ධ දෙයක් සිදුවිය නොහැකි බව දැනගෙන හුදෙකලා ව තම නිවසේ රැඳී සිටින කෙනෙකුට ඉමහත් පිනක් ලැබෙනු ඇති බව සමහර නබි වදන්වල සඳහන් වී තිබේ.

උක්ත නබි වදන ආඉෂා තුමිය වසංගත රෝග පිළිබඳ ව මුහම්මද් නබි තුමාණන්ගෙන් විමසූවිට එතුමාණන් විසින් ඉදිරිපත් කරන ලද විග්‍රහය යි.

ඉහත සඳහන් නබිවදන සත්‍යයතාව තහවුරු කරන ලද අව්‍යාජ නබි වදනකි. ඉබ්නු හජ්ර් අල්-අස්කාලානි තුමාණන් එම නබිවදන තවදුරටත් අර්ථ නිරූපණය කරන විට පෙන්වා දෙන්නේ අල්ලාහ් කෙරෙහි ඇදහිල්ලෙන් යමෙකු තම නිවසේ හුදෙකලා වී භෞතික සාධක නිරීක්ෂණය කිරීමෙන් තම නිවස තුළ හුදෙකලා වූ විට ඔහු එම රෝගයෙන් අභාවප්‍රාප්ත නොවූ ව ද ඔහුට ඉමහත් පිනක් ලැබෙනු ඇති බව යි.

සහෝදර සහෝදරියනි, මෙවැනි අනතුරුදායක අවස්ථාවක ද, මැවීම් සමඟ පවතින අපගේ සම්බන්ධතා අවම කරමින් මැවුම්කරු සමඟ ඇති අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උත්සුක වෙමු!

අෂ් ෂෙයික් ඒ.සී අගාර් මුහම්මද්.

සහෝදර සහෝදරියනි, ඔබ සියලූම දෙනාට දෙවියන්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා! කාරුණික ඉල්ලීමක් භයානක කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය, බලධාරීන් සහ සෞඛ්‍ය අංශය කඩිනම් ක්‍රියාමාර්ග…

සහෝදර සහෝදරියනි, ඔබ සියලූම දෙනාට දෙවියන්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා! කාරුණික ඉල්ලීමක් භයානක කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය, බලධාරීන් සහ සෞඛ්‍ය අංශය කඩිනම් ක්‍රියාමාර්ග…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *