Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
දිලනගේ වේගවත් ඉනිම පීතරයන්ට ජය ගෙන දෙයි 

දිලනගේ වේගවත් ඉනිම පීතරයන්ට ජය ගෙන දෙයි

  • 3

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

කොළඹ සාන්ත ජෝසප් සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර 50 වැනි වරට පැවැත්වුණු එක්දින ක්‍රිකට් ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලය අද (06) හිමි වුනා. 

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පීතර නායකයා විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසෙමින් තරගයේ පළමු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 229ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් සතුටුදායක එකක් නොවුනත්, හිරුන් කපුරුබණ්ඩාර සහ හිරාන් ජයසුන්දර විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 124ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී හිරුන් විසින් පන්දු 92කින් ලකුණු 70ක් ලබාගනිද්දී, හිරාන් පන්දු 90කින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව ජෝසප් ඉනිම සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටුණු අතර, සෙනුජ වකුණුගොඩ විසින් නොදැවී ලබාගත් ලකුණු 41 හැරෙන්නට වෙනත් කිසිඳු ජෝසප් පිතිකරුවකු හෝ අද දිනයේ දී සාර්ථක වුනේ නැහැ.

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ලශ්මික පෙරේරා කඩුලු 3ක් දවා ගනිද්දී, ශෙනන් රොද්‍රිගෝ සහ විශේන් හැළඹගේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මලියදේව දළ ඇතුන්ට එක්දින ශූරතාව
නිල් මහා සටන ජය පැරදුමෙන් තොරයි
සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව ස්ථානය තහවුරු කර ගනී
විශේන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
සිනෙත්ගෙන් නායකත්වයේ ඉනිමක්

මේ අනුව ජෝසප් විද්‍යාලයෙන් ලද ලකුණු 230ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පීතර ආරම්භ පිතිකරු යුගලය අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 113ක් එක් වූ අතර, මෙහි දී දිලන දම්සර විසින් පන්දු 60කින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මෙම ඉනිම සඳහා දිලනගේ පිත්තෙන් හතරේ පහර 9ක් සහ හයේ පහර තුනක් එල්ල වුනා.

මීට අමතරව අනෙක් ආරම්භක පිතිකරුවා වූ ඔවීන් සල්ගාදු ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා.

පළමු කඩුල්ලට ලද සාර්ථක ආරම්භයෙන් ලද පන්නරයත් සමඟ පීතර විද්‍යාලය පන්දුවාර 45 පන්දු 4ක් තුළ කඩුලු 7ක් පමණක් දැවී නියමිත ඉලක්කය හඹා යාමට සමත් වූ අතර ඒ වෙනුවෙන් ශෙනන් රොද්‍රිගෝ ලකුණු 36කින් සහ නාතන් ඩේවිඩ් ලකුණු 35කින් ද සිය දායකත්වය ලබා දුන්නා.

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ යෙනුල දෙව්තුස ලකුණු 45කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ නමුත් එය පීතර ජයග්‍රහණය වලකාලීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

හොඳම පන්දු රකින්නා– හිරුන් කපුරුබණ්ඩාර (සාන්ත ජෝසප් විද්‍යාලය)
හොඳම පන්දු යවන්නා– යෙනුල දෙව්තුස (සාන්ත ජෝසප් විද්‍යාලය)
හොඳම පිතිකරුවා– දිලන දම්සර (සාන්ත පීතර විද්‍යාලය)
නැගී එන ක්‍රීඩකයා – සෙනුජ වකුණුගොඩ (සාන්ත ජෝසප් විද්‍යාලය)
තරගයේ වීරයා– ශෙනන් රොද්‍රිගෝ (සාන්ත පීතර විද්‍යාලය)

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post දිලනගේ වේගවත් ඉනිම පීතරයන්ට ජය ගෙන දෙයි appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” කොළඹ සාන්ත ජෝසප් සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර 50 වැනි වරට පැවැත්වුණු එක්දින ක්‍රිකට් ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලය අද (06) හිමි වුනා.  කොළඹ…

[[{“value”:” කොළඹ සාන්ත ජෝසප් සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර 50 වැනි වරට පැවැත්වුණු එක්දින ක්‍රිකට් ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලය අද (06) හිමි වුනා.  කොළඹ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *