Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
පන්දු යවන්නෝ දිනය ආක්‍රමණය කරයි 

පන්දු යවන්නෝ දිනය ආක්‍රමණය කරයි

  • 4

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද දවස නිමාවේ දී පන්දු යවන්නෝ සුවිශේෂී දක්ෂතා දැක් විම කැපී පෙණුනා.

එහි දී කොළඹ කණ්ඩායමේ ඉසිත විජේසුන්දර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ලකුණු 45කට කඩුලු 6ක් දවා ගනිමිනුයි. ඊට අමතර ව ගාලු කණ්ඩායමේ නිශාන් පීරිස් ද ලකුණු 77කට කඩුලු 5ක් දවා ගත්තා.

මේ අතර දඹුලු කණ්ඩායමේ දුවිඳු තිලකරත්න පන්දුවාර 3ක් පමණ යවමින් එක් ලකුණකට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.

මේ අතර අද දවසේ දී කොළඹ කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල සහ අශේන් බණ්ඩාර ද, යාපනය කණ්ඩායමේ ජනිත් ලියනගේ සහ දඹුල්ල කණ්ඩායමේ චමිඳු විජේසිංහ ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළ පන්දු යවන්නන් අතරට එක් වූවා.

19 වැනි තරගය, දඹුල්ල, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Colombo

o ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අගනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 296ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 361ක් ලබා සිටියා.

අද එතැන් සිට ආරම්භ කළ ඔවුන් ගේ ඉනිම ලකුණු 394ක් වෙද්දී අවසන් වූවා. පෙර දිනයේ නොදැවී ලකුණු 200ක් ලබා සිටි ඔෂද ප්‍රනාන්දු ට අද දවසේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි. ඔහු ඉනිම නිමා කරන විට පන්දු 300කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කර තිබුණා.

 ඔවුන්ගේ ඉනිම නිමා වන විට දකුණතින් මද වේග පන්දු යවන ඉසිත විජේසුන්දර ලකුණු 45කට කඩුලු 6ක් දවා ගත්තා. එය ඔහුගේ තරග 28ක් වන පළමු පෙළ තරගවල කඩුලු 5කට වැඩියෙන් දවා ගත් 3 වැනි අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක් වූවා.

ඔහුට අමතර ව නිපුන් ධනංජය, දිනුර කළුපහන, අශේන් බණ්ඩාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 98ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ කොළඹ ක්‍රීඩකයෝ එවර තම ඉනිමට එක් කර ගත්තේ ලකුණු 251ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් අශේන් බණ්ඩාර පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 86ක් ලබා ගත් අතර ක්‍රිශාන් සංජුල පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා.

පළමු ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න මෙම ඉනිමේ දී පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 77කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ටිලංග උදේශන, සුමින්ද ලක්ෂාන් සහ අසංක මනෝජ් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 153ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ගාලු ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 9ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (78.3) දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70

Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 394 (101.3) ඔෂද ප්‍රනාන්දු 202, නිශාන් පිරිස් 46, පසිඳු සූරියබණ්ඩාර 33, ලක්ෂාන් එදිරිසිංහ 46, ඉසිත විජේසුන්දර 6/45

Colombo – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 251 (62.4) දිමුත් කරුණාරත්න 41, ක්‍රිශාන් සංජුල 71, අශේන් බණ්ඩාර 86, නිශාන් පීරිස් 5/77

Galle – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 9 (5.0)

මෙම තරගය හෙට (26) තෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ලෝක ශූර Usain Bolt T20 ලෝක කුසලානයේ කොටස් කරුවෙක් බවට පත් වෙයි
ඔෂදගෙන් ද්විත්ව ශතකයක්
වලලත් නුගවෙලත් ගැටෙන රන් – නිල් සටන
රනේෂ් සිල්වා NSL ශතක සමාජය
චමරිගේ සමුගැනීම අත ළඟ ?

20 වැනි තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Dambulla

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 392ක් ලබා ගත් ඊට පිළිතුරු ලෙසින් තරගය 2 වැනි දිනයට නතර කරන විට යාපනය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා. අද ඔවුන්ගේ ඉනිම ලකුණු 169ක් වෙද්දී අවසන් කිරීමට ප්‍රතිවාදින් සමත් වූවා.

එම ඉනිම වෙනුවෙන් පෙර දින නොදැවී ලකුණු 17ක් ලබා සිටි නායක ජනිත් ලියනගේ අද තම ඉනිම අර්ධ ශතක ඉනිමක් කරා රැගෙන ගියා. ඔහු 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුවිඳු තිලකරත්න එක් ලකුණකට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා වූ අතර ඊට අමතර ව නවින් ප්‍රනාන්දු, ලක්ශාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් බැගින් ද සහ චමිඳු විජේසිංහ කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 223ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම සඳහා නැවතත් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ලකුණු 439ක් ඉදිරියෙන් පසු වෙනවා.

දඹුලු කණ්ඩායමේ 2 වැනි ඉනිමේ දී චමිඳු විජේසිංහ පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටිනවා. ඊට අමතර ව නවීන් ප්‍රනාන්දු පන්දු 46කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද සහ රනේෂ් සිල්වා පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ජනිත් ලියනගේ ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර කල්හාර සේනාරත්න ද කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව ලහිරු මධුශංක සහ චමත් ගෝමස් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 392 (122.3) සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ 112, නවීන් ප්‍රනාන්දු 32, දිලුම් සුදීර 5/130, කල්හාර සේනාරත්න 2/49

Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (51.0) සඳුන් වීරක්කොඩි 25, සංතුශ් ගුණතිලක 43, නිපුන් කරුණානායක 30, ජනිත් ලියනගේ 52, විශ්ව ප්‍රනාන්දු 2/51, නවීන් ප්‍රනාන්දු 2/34, ලක්ෂාන් සඳකැන් 2/42, දුවිඳු තිලකරන්ත 3/01

Dambulla – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 216 (62.0) රනේෂ් සිල්වා 43, චමිඳු විජේසිංහ නොදැවී 61, නවීන් ප්‍රනාන්දු 45, ජනිත් ලියනගේ 3/27, කල්හාර සේනාරත්න 2/43

මෙම තරගය හෙට (26) තෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

The post පන්දු යවන්නෝ දිනය ආක්‍රමණය කරයි appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද දවස නිමාවේ දී පන්දු යවන්නෝ සුවිශේෂී දක්ෂතා දැක් විම කැපී පෙණුනා. එහි දී කොළඹ…

[[{“value”:” ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද දවස නිමාවේ දී පන්දු යවන්නෝ සුවිශේෂී දක්ෂතා දැක් විම කැපී පෙණුනා. එහි දී කොළඹ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *