Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
ප්‍රභල ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා යෞවනියන් විශිෂ්ට ජයක් ලබයි 

ප්‍රභල ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා යෞවනියන් විශිෂ්ට ජයක් ලබයි

  • 7

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගාවලිය ආරම්භ කරමින් අද පැවැත්වුණු තරගයෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකා මනුදි නානායක්කාර සතු වූ අතර, ඇයගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 117ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය වූ සංජනා කාවින්දිගේ පිත්තෙන් ලකුණු 28ක් එක් වුනා. මීට අමතරව සුමුදු නිසංසලා ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේ පෙරමුණ ගත් Eleanor Larosa, Tegan Williamson සහ Ella Briscoe අතරේ කඩුලු 2 බැඟින් බෙදී ගියා.

Lauraගේ ශතකය සමඟ දකුණු අප්‍රිකාවට පහසු ජයක්
රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
ලෝක අනුශුරියන් හා ගැටෙන ශ්‍රී ලංකාව
දකුණු අප්‍රිකාවට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය බැලූ බැල්මට ම පහසු බවක් පෙනෙන්නට තිබුනත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ද සිතූ තරම් පහසුවෙන් පිත්ත හැසිරවීමට ශ්‍රී ලංකා පන්දු බළඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 4ක් ම ලකුණු 29ක් තුල බිඳ වැටුණු අතර, සිව් වැනි කඩුල්ල වෙනුවෙන් Eleanor Larosa සහ Lucy Hamilton අතරේ ලකුණු 59ක සබඳතාවක් පැවැත්වුණා. නමුත් මෙය අවශ්‍ය තරමටත් වඩා සෙමෙන් ක්‍රියාත්මක වූ නිසා ඕස්ට්‍රේලියාවට අවසන් පන්දුවාර කිහිපයේ ලබා ගත යුතු ලකුණු ප්‍රමාණය ඉහළ ගියා.

ඒ අනුව ඔවුන්ට අවසන් පන්දුවාර 2 තුළ තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 30ක් ලබා ගත යුතුව තිබුනත් ඔවුන්ට ඒ කරා පිය මැනීමට ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ නැහැ.

මේ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 110ක් පමණයි.

මෙහි දී Eleanor Larosa නොදැවී ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ රශ්මිකා සෙව්වන්දි ලකුණු 10කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගයෙන් ම විශිෂ්ට ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ ද පෙරමුණට පැමිණීමට සමත් වුනා.

එමෙන්ම මෙය ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමක් විසින් 19න් පහළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වුනා.

තරගාවලියේ මීළඟ තරගය හෙට (29) එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post ප්‍රභල ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා යෞවනියන් විශිෂ්ට ජයක් ලබයි appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ…

[[{“value”:” ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *