Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
මා හිතවත් ලාංකික ජනතාවනි ඔබත් සමඟ මොහොතක් 

මා හිතවත් ලාංකික ජනතාවනි ඔබත් සමඟ මොහොතක්

  • 16

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

ලංකාව සුන්දර රටකි. ලංකා වාසින් ඉතා ආදරණීය ජනතාව. සියලු ජාතීන් ඒක් ජීවත් වන රටක්. අවබෝධයෙන් කටයුතු කරන ජීවත්වන ජනයන් සිටින රට. මෙය තමා අප රටේ ජනතාවගේ ස්වභාවය. ඒකයි සත්‍ය. නමුත් මා අද ඔබත් සමඟ මොහොතක් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අද රටම දන්නා කරුණක් පිලිබදවයි.

ඔව්. කොරෝනා ආසාදනයනවී මිය යන දේහය ආදාහනය කළයතුයි බව පවසන අප රටේ ජාතික නීතියක් පිළිබඳවයි.

සැබැවින්ම මා හිතවත් සහෝදරවරුනි අප රටේ මෙම විෂය ධාරාව එක් සමාජයක් තුළ පමණක් නොවී මුළු රටම ඉතා බරපතළ සංවාදයකට යොමුවෙන විෂය ධාරාවක් ලෙසට පත් වී තිබේ. මා හිතවත් සහෝදරවරුනි. කොරෝනා ආසාදනය වී මියයන මෘත දේහයන් භූමිදානය නොකල ආදානය පමණක් කළ යුතු බව අප රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මග පෙන්වා ඇත.

නමුත් අප රටේ සිංහල මුස්ලිම් දෙමළ සහ ක්‍රිස්තියානි යන ආදී සියලු ආගමිකයන්ට තම තමන්ගේ ආගමික මග පෙන්වීමට අනුකූලව කොරෝනා ආසාදනය වී මියයන අය ගේ අවසන් කටයුතු ඉටු කිරීමට ලැබෙන්නේ නැත. අද සමාජ මාධ්‍ය ඔස්සේ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබෙන්නේ මෙම කර්තව්‍යයට මුස්ලිම් සමාජය පමණක් එකඟ වන්නේ නැති බවයි. නමුත් මා දන්නා පරිදි හුඟාක් සිංහල මිනිසුන් හා දෙමළ මිනිසුන් ඒ වගේම ක්‍රිස්තියානි මිනිස්සුන් ද තම සමාජය මියයන පුද්ගලයාගේ අවසන් කටයුතු භූමිදානය කිරීමෙන් ඉටුකරයි. නමුත් අද covid 19 තත්ත්වය නිසා සිංහල සමාජය ආදානය කිරීමට එකඟ වී තිබුණත් ඔවුන් තුළත් තම ඥාතියාගේ අවසන් කටයුතු තමන්ට කැමති පරිදි ඉටුකිරීමට ඉඩකඩක් නොලැබීමෙන් හුඟාක් දුක් වී ඇති බව මා විස්වාස කරමි.

එබැවින් දයාබර ශ්‍රී ලංකා ජනතාවනි. නිත්‍ය වශයෙන්ම මේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් පමණක් නොවේ. මේ මෙරට ඉපදුනු සෑම පුරවැසියෙකුගේම අයිතියක්. මුස්ලිම් සමාජය මේ රටට ආදරේ නොවෙන බවත් රටේ නීතියට ගරු නොකරන බවත් සමහර ය ප්‍රකාශ කරයි. එම අයට පවසන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය මොහොතක් පෙරලලා බලන්න. රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් එකල පාලකයන්ට කිසිදු කොන්දේසියකින් තොරව සහයෝගය දුන්නේ ඔබ අද විවේචනය කරන මුස්ලිම් සමාජයමයි. පල්ලියේ මිනිසුන් බෝම්බ දමා පුළුස්සුවේ හරි. මියගිය දේහය පුළුස්සීම ද වැරදියි කියා ජනතාව මත කතිකාවක් අද ජනතාව තුළ පැතිර තිබේ. සහෝදරවරුනි. ඉස්ලාම් මං කිසිසේත්ම වැනි ක්‍රියාවන් අනුමත කරන්නේ නැත. මුස්ලිම් ජනතාවද ම ක්‍රියාව අනුමත කරන්නේ නැත. අපි එදත් එම ක්‍රියාවට විරුද්ධවයි කතා කළේ අදත් විරුද්ධවයි කතා කරන්නේ. හෙටත් විරුද්ධවයි අපි කතා කරන්නේ. ඒ වාගේම සහරාන් කියන ඉස්ලාම් ගෙන නිසි ලෙස නො ඉගෙනගත්තු පුද්ගලයෙක් කළ දේට අද වෙනතුරු මුස්ලිම් සමාජයම වන්දි ගෙවමින් සිටින්නේ. ඔබ එවැනි තර්කයක් ඉදිරිපත් කිරීමෙන් එම පල්ලියේ සිදුවීම වෙනුවෙන් පලි ගැනීම සඳහා ද මුස්ලිම් මියයන දේහයන් ආදානය කරන්නේ කියලා තර්ක කළ හැකියි නමුත් අප සමාජයේ එක් පුද්ගලයෙක් කරපු වැරැද්ද අපි මුළු සමාජයම අපේ වැරදි ලෙස භාර ගන්නේ කෙසේද? එය සාධාරණයි ද? එක් පවුලක එක් පුද්ගලයකු කළ නින්දිත ක්‍රියාවට මුළු පවුලම ඔහුව ප්‍රතික්ෂේප කර ඔහුගේ ක්‍රියාව ගෙන සමාව ඉල්ලා තවමත් එම ක්‍රියාවෙන් දැඩි ලෙස කම්පනයට පත් වී තිබෙන එම පවුලට ඔබ එම පුද්ගලයාගේ ක්‍රියාව හේතුකොට මුළු පවුලම දඬුවම් කිරීම විවේචනය කිරීම සාධාරණයි ද කියා මොහොතක් සිතන්න. මුස්ලිම් සමාජයම එම ක්‍රියාවට සම්බන්ධවූ සියලු දෙනා දඬුවම් ලැබිය යුතුයි යන මතයෙයි සිටින්නෙමු.

ඒ වගේම තවත් සහෝදරවරුන් ඇයි ඔබට රටේ නීතියට ගරු කරන්න නොහැකියි කියා අසනවා. හිතවත් සහෝදරවරුනි ලංකා ඉතිහාසයේ මුස්ලිම් සමාජය කිසිවිටක මේ රට පාවා දී නැත. රටේ නීතියට ගරු කරන සමාජයක් තමයි මුස්ලිම් සමාජය. නමුත් සෑම මිනිසකු වගේම මුස්ලිම් සමාජයේ සිටින අයත් මිනිස්සුන්ය. ඔවුන් විසින් කරන ලද යම්කිසි සුළු වැරැද්දක් ද මාධ්‍ය ඔස්සේ මුළු සාමාජයම එම වැරැද්ද කරා මෙන් ප්‍රචාරය කරන්නේ ඇයි කුමන හේතුවකටද යැයි මට තවමත් හිතාගන්න නොහැකියි.

මුස්ලිම් සමාජයේ ඇයි භූමිදානය ට අවසර පතන්නේ කියා ඔබ මොහොතක් කල්පනා කලාද? ඉස්ලාම් දහම කියාදෙන්නේ යම් ජීවියක් පුළුස්සීමට අයිතිය තියෙන්නේ සර්වබලධාරි අල්ලාහ්ට පමණයි. ඔහු විසින් මවන ලද මිනිහා පුළුස්සා දැමීමට තරම් හැකියාවක් වෙන කාටත් නැති බවයි ඉස්ලාම් දහම සඳහන් කරන්නේ. ඒ වගේම මියගිය පුද්ගලයකුට පවා දඬුවම් කිරීමට හෝ ඔහු ගෙන තීරණ ගැනීමට තවත් මිනිස්සුන් හට අයිතියක් නැත. ඉස්ලාම් දහම ජනතාව තුළ මිනිසුන්ට ගෞරවයක් ලබා දී ඇත. එබැවින් ඔහු මිය ගිය පසුවත් ඔහුව ගෞරවාන්විත භූමිදානය කිරීම අප සමාජීය වගකීමකි. ඔහුව නිවැරදි ආකාරයෙන් පිරිසුදු කර සුදු රෙදිවලින් ආවරණය කර ඔහු වෙනුවෙන් ජනාසා සලාතය ඉටු කර ඔහුව නිසි පරිදි භූමිදානය කළ යුතුයි බවයි ඉස්ලාම් සඳහන් කරන්නේ.

අප මුස්ලිම් සමාජය රට වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ යහපත වෙනුවෙන් දේහය නෑවිම ඒ වගේම සුදු රෙදිවලින් කෆන් කිරීම දනා සහ සලාතය ඉටු කිරීම යනාදී දේවල් පරිත්‍යාග කර තිබේ. ඒ ඇයි නම් ලෝක සෞඛ්‍ය සංවිධානය corona ආසාදනයේදී මිය යන දේහයන් පිළිබඳව කළයුතු වැඩපිළිවෙල නිසි ලෙස කියා දී තිබෙන නිසාය. එම වැඩපිළිවෙළ තුළ මා ඉහත සඳහන් කරන ලද කටයුතු තුනම ප්‍රතික්ෂේප කර තිබෙන නිසා තමයි එම කටයුතුඅප සමාජය පරිත්‍යාග කර තිබේ.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ආසාදනය වීමෙන් මිය යන දේහයන් භූමිදානය කළ හැකි බව ප්‍රකාශකර තිබියේ දී. ඒ වගේම ඉන්දියාව, තායිලන්තය, ඉතාලිය යනාදි මුස්ලිම්ජනතාව සුළුතර ජාතීන් වශයෙන් ජීවත්වන රට වල පවා භූමිදානය කිරීමට අනුමැතිය ලබාදී තිබෙන මොහොතක. අප රටේ එම අවසරය ප්‍රතික්ෂේප කළේ ඇයි? යන ප්‍රශ්නාර්ථයක් අප මත මතුවෙයි.

විදේශගතව සිටින අප රටේ අභිමානවත් විද්‍යඤවරුන් පවා අප රටෙි භූමිදානය කිරීම කිසිදු ප්‍රශ්නයක් නොවන බව සදහන් කරනවා. ඒ වගේම අප රටේ සෞඛ්‍යය ශ්‍රේෂ්ඨතයේ ඉහළ තැන්වල සිටි සමහර නිලධාරීන් පවා භූමිදානය කිරීමට පහැකියෙයි ප්‍රකාශ කර තිබේ.

කිසිදු විද්‍යාත්මක කරුණු පදනමකින් තොරව මෙම ආදාහනය කටයුතු සිදුවීම නිසායි මුස්ලිම් සමාජය එය තරයේ ප්‍රතික්ෂේප කරන්නේ. විද්‍යාත්මක කරුණු මත ශ්‍රී ලංකාවේ භූමිදානය කිරීම එනම් කොරෝනා ආසාදනය වී මියයන දේහයන් භූමිදානය කිරීම රටට අයහපත් ක්‍රියාවක් බව ස්ථිර වේ නම් මුස්ලිම් සමාජය කිසිසේත්ම භූමි දානයට අවසර පතන්නේ නැහැ.

එබැවින් දයාබර සහෝදරවරුනි! මේ අපේ දේශය. අප සියලුම දෙනාගේම දේශය. අපි සියලු දෙනාම අප දේශයට ආදරෙයි.

දේශපාලන වහල් භාවයෙන් තොරව ජාතිවාදි සිතුවිල්ලකින්කින් තොරව මානුෂීයව සිතන්නට හැකි සියලුදෙනාටම අපගේ ඉල්ලීම සැකයකින් තොරව සාධාරණීයයි බව පැහැදිලි වේ.

පසීම් ඉබ්නු රසූල්

ලංකාව සුන්දර රටකි. ලංකා වාසින් ඉතා ආදරණීය ජනතාව. සියලු ජාතීන් ඒක් ජීවත් වන රටක්. අවබෝධයෙන් කටයුතු කරන ජීවත්වන ජනයන් සිටින රට. මෙය තමා අප රටේ…

ලංකාව සුන්දර රටකි. ලංකා වාසින් ඉතා ආදරණීය ජනතාව. සියලු ජාතීන් ඒක් ජීවත් වන රටක්. අවබෝධයෙන් කටයුතු කරන ජීවත්වන ජනයන් සිටින රට. මෙය තමා අප රටේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *