Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
මෘදු බව (Leniency and softness) 

මෘදු බව (Leniency and softness)

  • 6

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

නූතන යාන්ත්‍රික ලෝකයේ සමාජ ගුණධර්ම ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යාමත් සමගම මිනිසා වැඩෙන සාරධර්ම ද පිරිහෙමින් පවතී. මිනිසාගේ එදිනෙදා ජීවිතයේදී අහිමි වන එක් ගුණාංගයක් වශයෙන් මෘදු බව සඳහන් කළ හැක.

තරගකාරී ජීවන අරගලයක නියැලෙන නූතන මිනිසා, එකී තරගයේ ප්‍රතිපල ලෙසින් ඔහු අසල්වැසියන් හා දැවෙමින් සිටී. සුළු දෙයකට පවා ඔහු රළු ලෙස හැසිරේ: බලාපොරොත්තු බිඳ දමන දැඩි වචන සහ අනෙකාගේ හිත රිදවන පිහි තුඩු වන් උණුසුම් වචන භාවිතයෙන් සැමවිටම ඔහුගේ මුහුණ රත් වී තිබේ. මෙහි අවසාන වශයෙන් මිනිසා මෘදු බව නම් උසස් ගුණාංගය අහිමි කරගෙන තිබේ.

නිවසේදී හා ඉන් පිටත ජීවිතයේදී බොහෝ ගැටලු ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෘදු බවෙන් තොර හැසිරීම සහ රළු ලෙස හැසිරීමයි. රළු බවෙහි කිසිදු ප්‍රයෝජනයක් නැති බව හා මෘදුකම සැමවිටම යහපතක් වන්නා බව නිසි ලෙස වටහා ගත යුතුය.

من يحرم الرفق يحرم الخير كله….

“මෘදු බවක් නැති තැනැත්තාට සියලු යහපත් අහිමි වේ” යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසීය.

එතුමාණන්ගේ තවත් කියමනක් වන්නේ,

إن الله رفيق يحب الرفق…..

“අල්ලාහ් මෘදු බවින් යුතු වේ. ඔහු මෘදු ගුණය ප්‍රීය කරයි” යන්නයි.

“ඔහු කුරිරු අයට නොදෙන දේ මෘදු අයට ලබා දෙයි” යන්න තවත් එක් නබි වදනක් වේ.

දේවදූත මුහම්මද් නබිතුමාණන් ඉගැන්වූ සදාචාරය සහ සාරධර්ම අතරින් ප්‍රධාන හා ප්‍රමුඛත්වයට පත්වන්නේ කරුණාව යි. මෘදු භාවය යනු කරුණාව යන ගුණයෙන් උත්පාදනය වන්නකි. මුහම්මද් නබිතුමාණන් සියල්ලන් සමඟ මෘදු ලෙස ආශ්‍රය කර ඇත. ඔහුගේ පවුල් ජීවිතය සාර්තක වීමට හා ජීවන කර්තව්‍යය සාක්ශාත් වීමට පාදක වූයේ මෙම ගුණාංගය යි. අල්-කුර්ආනය පහත පරිදි මේ බව සහතික කරයි:

فبما رَحْمَةٍ ۖ  من الله لنت لهم ولو كنت فظا غليظ القلب لننفضوا من حولك.

“නබිතුමනි, අල්ලාහ්ගේ කරුණාව නිසාමයි ඔබ ඔවුන් සමඟ මෘදු බවින් යුතුව කටයුතු කරයි. ඔබ අකාරුණික හා දැඩි සිතකින් සිටියා නම් ඔවුන් ඔබෙන් පලා යන්නට තිබුණි.”  (අල් කුර්ආනය 3: 159)

තම මිතුරන්, සතුරන්, විරුද්ධමතධාරීන් සහ ඔහුගේ මතය ප්‍රතික්ෂේප කරන්නන් ඇතුළු ඔහු වටා උන් සියල්ලන් සමඟ නබිතුමාණන් මෘදුව හා කාරුණිකව ඇසුරු කළ බවට ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරයි.

أنا ربكم الاعلى

“මම ඔබගේ උත්තරීතර දෙවියන් වෙමි” යනුවෙන් පැවැසූ ෆිර්අව්න් සමඟ සංවාදයේ යෙදෙන විට පවා ඔබ මෘදු ලෙස කතා කළ යුතු බව මූසා නබි තුමාට සහ හාරූන් නබිතුමාට අල්ලාහ් දෙවියන් මඟ පෙන්වා ඇත්නම් අප වැනි සාමාන්‍ය මිනිසුන් සමඟ කෙතරම් දුරට මෘදු විය යුතුද

යන්න පිලිබඳව අපි සිතා බැලිය යුතුයි.

“රළු බවෙහි කිසිදු යහපතක් නොමැත, යහපත ඇත්තේ මෘදු බවෙහි ය” යන සත්‍ය ය වටහා ගෙන නිවෙස් තුළ ද ඉන් පිටත ද සියලු පුද්ගලයින් සමඟ මෘදු භාවයෙන් හා සංවර භාවයෙන් ආශ්‍රය කරමු.

සැමවිටම සියලු දෙනා සමඟ මෘදු ලෙස ආශ්‍රය කිරීමට අපි අදිටන් වෙමු!

اللهم كما حسنت خلقنا فحسن خلقنا

දෙවිඳුනි! අපගේ පෙනුම සුන්දර කර ඇති තරමටම අපගේ ගුණාංග ද සුන්දර කර දෙනු මැනව!

අෂ්-ෂෙයික් ඒ.සී අගාර් මුහම්මද්
නියෝජ්‍ය අධ්‍යක්ෂක
ජාමියා නලීමියා අධ්‍යාපන ආයතනය
නියෝජ්‍ය සභාපති
සමස්ථ ලංකා ඉස්ලාමීය වියතුන් සංගමය

නූතන යාන්ත්‍රික ලෝකයේ සමාජ ගුණධර්ම ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යාමත් සමගම මිනිසා වැඩෙන සාරධර්ම ද පිරිහෙමින් පවතී. මිනිසාගේ එදිනෙදා ජීවිතයේදී අහිමි වන එක් ගුණාංගයක් වශයෙන් මෘදු…

නූතන යාන්ත්‍රික ලෝකයේ සමාජ ගුණධර්ම ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යාමත් සමගම මිනිසා වැඩෙන සාරධර්ම ද පිරිහෙමින් පවතී. මිනිසාගේ එදිනෙදා ජීවිතයේදී අහිමි වන එක් ගුණාංගයක් වශයෙන් මෘදු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *