Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි 

හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි

  • 4

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ, ඔහු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් තම සංචිතයට කැඳවීමට Sunrisers Hyderabad කණ්ඩායම විසින් තීරණය කර තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට වියස්කාන්ත් විසින් Sunrisers සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, මේ අනුව ඔහුට මුත්තයියා මුරලිදරන්ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද හිමි වනු ඇති.

මීට පෙර Sunrisers කණ්ඩායම විසින් වනිඳු ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට තම කණ්ඩායම සමඟ එක් කර ගෙන සිටියා. කෙසේ වෙතත් කලක පටන් පැවති පාදයේ ආබාධයකට ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත් වන බව තරගාවලිය අතර මැද දී නිවේදනය කළා.

වියස්කාන්ත් විසින් 2020 වසරේ දී Jaffna Stallions කණ්ඩායම සමඟින් LPL වරම් ලබාගත් අතර, ඔහු එතැන් සිට මේ දක්වා ම Jaffna කණ්ඩායම සමඟ රැඳී සිටිනවා.

කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් ලබයි!
විශ්මි සහ කවීෂා විශ්මිත මෙහෙයුමක!
කාන්තා ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් වෙයි

එමෙන්ම පසුව ඔහුට ILT20 තරගාවලියේ Mumbai Emirates කණ්ඩායම සමඟ ද එක්වීමට අවස්ථාව හිමි වූ අතර, එහි දී ක්‍රීඩා කළ තරග 4 තුළ කඩුලු 8ක් බිඳ හෙළීමට ඔහු සමත් වුනා. එමෙන්ම ඊට අමතරව BPL තරගාවලියේ Chattogram Challengers කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට සහ පසුගිය IPL තරගාවලියේ දී Rajasthan Royals කණ්ඩායමේ දැල් පන්දුයවන්නකු ලෙස කටයුතු කිරීමට ද ඔහු අවස්ථාව උදා කර ගත්තා.

මේ දක්වා විස්සයි විස්ස තරග 33ක් තුළ කඩුලු 42ක් දවා ගැනීමට සමත් වී ඇති වියස්කාන්ත් ඉදිරියේ දී Sunrisers Hyderabad කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නාගේ භූමිකාව රඟ දක්වනු ඇති.

2024 IPL තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ, ඔහු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් තම සංචිතයට කැඳවීමට Sunrisers Hyderabad…

[[{“value”:” ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ, ඔහු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් තම සංචිතයට කැඳවීමට Sunrisers Hyderabad…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *