Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
Duplantis නැවත වරක් ලෝක වාර්තාව අලුත් කරයි! 

Duplantis නැවත වරක් ලෝක වාර්තාව අලුත් කරයි!

  • 4

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

2024 Wanda Diamond League ශූරතාවලිය ඊයේ (20) චීනයේ Xiamen හිදි ආරම්භ වුනා. 

මෙවර තරගවාරයේ පළමු අදියරේ දී ම නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ස්වීඩනයේ රිටි පැනීමේ ශූර Mondo Duplantis විසින් සමත් වූ අතර, පසුගිය වසරේ Diamond League තරගාවලියේ අවසන් අදියරේ දී ඔහු විසින් මීටර් 6.23ක උසක් තරණය කරමින් පිහිටූ වාර්තාව ඔහු ඊයේ බිඳ දැමීමට සමත් වුනේ ඉතා පහසුවෙන් ම මීටර් 6.24 උසක් තරණය කරමිනුයි. 

ඊයේ මීටර් 5.62ක උසකින් සිය ඉසව්ව ආරම්භ කළ Mondo ඉන් පසුව 5.82ක උසක් සහ 6.0ක උසක් තරණය කිරීමෙන් අනතුරුව එක් වරම 6.24ක ලෝක වාර්තාව සඳහා යාමට උත්සාහ කිරීම විශේෂත්වයක්. 

එමෙන්ම ඔහු එම වාර්තාගත උස ද ඉතා පහසුවෙන් ම තරණය කිරීමට සමත් වුනා. ඊයේ ඉසව්ව ආරම්භ වීමට පෙර ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කළේ මෙම තරගයේ දී ලෝක වාර්තාවක් වෙත යාමට විශාල බලාපොරොත්තු හෝ නොමැති බවයි. 

නමුත් ඊයේ ඔහු වටා නිර්මාණය වූ ක්‍රීඩාශීලී වාතාවරණය අවසානයේ ඔහුව නතර කළේ අට වැනි වරටත් ලෝක රිටි පැනීමේ ඉසව්වේ එළිමහන් වාර්තාව අලුත් කිරීමට පොලඹවමිනුයි. 

ඊයේ Mondo සිය ඉසව්ව ජයග්‍රහණය කරද්දී, ඔහු සහ දෙවැනි ස්ථානය හිමි කර ගත් ඇමරිකාවේ Sam Kendricks විසින් තරණය කළ අතර උස පරතරය සෙන්ටිමීටර 42ක් ලෙස සටහන් වුනා. 

තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්‍රයා ඩැහැ ගනී!
නව වසරට යුපුන්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සාර්ථකව අවසන් වෙයි
ඇමරිකාව රජ වෙයි; නවසීලන්තය හදවත් දිනයි!
සුපිරි තරු ගැටෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!

මේ අතර ඉතියෝපියාවේ Gudaf Tsegay විසින් ඊයේ දිනයේ දී කාන්තා මීටර් 1500 ඉසව්වේ ලොව මෙතෙක් වාර්තා වූ තෙවැනි හොඳම කාලය (3.50.30) වාර්තා කිරීමට සමත් වුනා. 

මේ අතර කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට Puerto Rico හි Camacho-Quinn විසින් සමත් වුනා. 

එමෙන්ම මාස හයක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඈත් වී සිටි උස පැනීමේ ඉසව්වේ ඔලිම්පික් ශූර Mutaz Barshim ද ඊයේ තරග බිමට පිවිසුණු අතර ඔහුට ඉසව්වේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා. 

මෙම අදියරේ අවසන් භාගයේ දී කාන්තා මීටර් 200 ඉසව්ව පැවැත්වුණු අතර, එහි දී සියල්ලෝ ම පුදුමයට පත් කරමින් 19 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Torrie Lewis විසින් තත්පර 22.94ක කාලයක් සමඟ සිය ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඇය හමුවේ වත්මන් මීටර් 100 ලෝක ශූරිය සහ මීටර් 200 ලෝකඩ පදක්කම් ලාභිනිය වූ ඇමරිකාවේ Sha’Carri Richardson දෙවැනි ස්ථානයට පත් වීම විශේෂත්වයක්. 

මේ අතර පිරිමි මීටර් 100 ඉසව්ව ද ඊයේ පැවැත්වුණු අතර එහි දී Fred Kerley අබිබවා යමින් තත්පර 10.13ක කාලයක් සමඟින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට Christian Coleman විසින් සමත් වුනා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න << 

The post Duplantis නැවත වරක් ලෝක වාර්තාව අලුත් කරයි! appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” 2024 Wanda Diamond League ශූරතාවලිය ඊයේ (20) චීනයේ Xiamen හිදි ආරම්භ වුනා.  මෙවර තරගවාරයේ පළමු අදියරේ දී ම නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ස්වීඩනයේ රිටි…

[[{“value”:” 2024 Wanda Diamond League ශූරතාවලිය ඊයේ (20) චීනයේ Xiamen හිදි ආරම්භ වුනා.  මෙවර තරගවාරයේ පළමු අදියරේ දී ම නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ස්වීඩනයේ රිටි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *