Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
ඔලිම්පික් වරම් සොයා ශ්‍රී ලංකාවෙන් සිව් දෙනෙක් තරඟ බිමට 

ඔලිම්පික් වරම් සොයා ශ්‍රී ලංකාවෙන් සිව් දෙනෙක් තරඟ බිමට

  • 3

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

එළඹෙන මැයි මස 03 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ඩුබායි Grand Prix තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගේ සහභාගීත්වය තහවුරු කර තිබෙනවා. 

ඒ අනුව මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම් ලාභි යුපුන් අබේකෝන් මෙම ඉසව්ව සඳහා සහභාගී වීමට ඉතාලියේ සිට පැමිණීමට නියමිත අතර, ඊට අමතර ආසියානු රන් පදක්කම් ලාභි තරුශි කරුණාරත්න මෙහි දී මීටර් 800 ඉසව්වට සහභාගී වීමට සූදානමින් පසුවනවා. 

තරුශිට අමතරව ගයන්තිකා අබේරත්න ද කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වීමට නියමිත අතර, නදීශා රාමනායක කාන්තා මීටර් 400 ඉසව්ව සඳහා මෙහි දී සහභාගී වනු ඇති. 

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියට සහභාගී වීමෙන් එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් නිර්මාණය වන අතර, මෙහි දී පැරිස් ඔලිම්පික් වෙනුවෙන් පිරිමි මීටර් 100 ඉසව්වට සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව සටහන් වී තිබෙන්නේ තත්පර 10ක් ලෙසයි. 

තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්‍රයා ඩැහැ ගනී!
නව වසරට යුපුන්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සාර්ථකව අවසන් වෙයි
ඇමරිකාව රජ වෙයි; නවසීලන්තය හදවත් දිනයි!
සුපිරි තරු ගැටෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!

යුපුන්ගේ හොඳම ඉසව් නිමි කාලය තත්පර 9.96ක් වන අතර, ඒ අනුව ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට පැහැදිලි අවකාශයක් දැන් නිර්මාණය වී තිබෙනවා. වසරක පමණ කාලයක් ආබධයක් හේතුවෙන් ක්‍රීඩාවෙන් ඈත් වී සිටි යුපුන්, මෙම තරගාවලියේ දී නැවතත් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි. 

මේ අතර කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලය සටහන් වී ඇත්තේ මිනිත්තු 1.59.30ක් ලෙසයි. කාන්තා මීටර් 400 ඉසව්වේ සුදුසුකම් ලැබීමේ කාල සීමාව 50.95ක් ලෙසයි දැක්වෙන්නේ. 

මෙම තරගාවලිය C මට්ටමේ තරගාවලියක් වන අතර, මින් පසුව ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් වරම් දිනා ගැනීම වෙනුවෙන් C සහ B මට්ටම්වල තරගාවලි දෙකක් බැගින් ඉතිරි වී තිබෙනවා. 

මෙවර පැරිස් ඔලිම්පික් වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ අවසන් දිනය ලෙස එළඹෙන ජුනි මස 30 වැනි දා නම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න << 

The post ඔලිම්පික් වරම් සොයා ශ්‍රී ලංකාවෙන් සිව් දෙනෙක් තරඟ බිමට appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” එළඹෙන මැයි මස 03 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ඩුබායි Grand Prix තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සිව්…

[[{“value”:” එළඹෙන මැයි මස 03 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ඩුබායි Grand Prix තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සිව්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *