Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
බහුවිධ සමාජ පිළිවෙල සහ අපගේ හැසිරීම. යමක් මෙහෙම වෙනස් වුවොත් හොඳ ද? 

බහුවිධ සමාජ පිළිවෙල සහ අපගේ හැසිරීම. යමක් මෙහෙම වෙනස් වුවොත් හොඳ ද?

  • 15

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

ආදරණීය සහෝදර සහෝදරියනි, මෙවැනි අවස්ථාවක අපගේ යුතුකම හා වගකීම පිලිබඳ කරුණු කිහිපයක් මෙහි සඳහන් කිරීමට අපේක්ෂා කරමි.

ඉස්ලාමීය අධ්‍යයනය සහ ෆත්වා සඳහා වූ යුරෝපානු කවුන්සිලය මගින් නිකුත් කරන ලද ඉස්ලාමීය නීතිමය තීන්දු දෙකක් මත පදනම්ව මෙම අදහස ඔබ සමග බෙදා ගැනීමට අදහස් කළෙමි.

පළමුවෙන් මා සඳහන් කිරීමට කැමති වැදගත්ම කරුණ වනුයේ, අප සහ අප අවට ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමයි. අප සහ අප අවට සිටින අය ආරක්ෂා කිරීම අපගේ මූලික වගකීම වේ.

අවසාන දේවදූත මුහම්මද් තුමාණන් එක් අවස්ථාවකදී මෙසේ පවසා ඇත.

إذا سمعتم بالطاعون بأرض فلا تدخلوها وإذا وقع بأرض وأنتم بها فلا تخرجو منها

“යම් ප්‍රදේශයක වසංගතයක් පැතිරෙන බවට ඔබ දැනුවත් වුවහොත් එම ප්‍රදේශයට ඇතුළු නොවන්න. එසේම ඔබ සිටින ප්‍රදේශයක යම් වසංගතයක් ඇති වූ විටක දී ඔබ එම ප්‍රදේශයෙන් බැහැර නොවනු “

ඉස්ලාමීය නීති විද්වතුන්ගේ අදහස අනුව උක්ත නබි වදනෙහි සඳහන් ක්‍රියා පදයේ විධානය පෙන්වා දෙන්නේ එහි සඳහන් පරිදි ක්‍රියාත්මක වීම අනිවාර්ය අණ කිරීමක් බවයි. එම නබි වදන් ඔස්සේ දේවදූතයාණන් අපගේ යුතුකම පිලිබඳව විග්‍රහ කර ඇත. එබැවින් එම යුතුකම පැහැර හැරීම පාපත්‍ර ක්‍රියාවක් මෙන්ම අපරාධයක්ද වේ.

ඉස්ලාමීය නීති ක්ෂේත්‍රයේ හනෆී චින්තන ධාරාවට අයත් ඇතෙම් විද්වතුන්ගේ මතයට අනුව, වසංගත රෝගයකට ආසාදිත පුද්ගලයෙකු තමන් ආසාදිත බව දැනදැන පිටතට පැමිණ සමාජය ආර්‍ශය කිරීම හේතුවෙන් යම් අයෙකුට එම රෝගය වැළඳී මරණය සිදු වූවහොත් ඔහු එම මරණයට අනුබල දීමේ වරදට(قتل بالتسبب) වරදකරු වන අතර එම මරණයට හේතු පාදක වූ බැවින් එම මරණකරුගේ ඥාතීන්ට වන්දියක් ද ගෙවිය යුතු බව පැවසේ .එනම් වසංගතයක් අන් අයට බෝවීමට ඉඩ හැරීම බරපතල අපරාධයක් බව අප වටහා ගත යුතුයි.

එබැවින්, යම් වසංගතයකින් අපි ආසාදනය වේ නම්, හෝ ඒ බවට සැකයක් පවතින්නේ නම් එම ආසාදනය අන් අයට පැතිරීමට ඉඩ නොදී, සුව කර ගැනීමට රජය විසින් පෙන්වා දී ඇති භෞතික ක්‍රමවේදයන් අනුගමනය කොට සුදුසු බලධාරීන් හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත වීම හෝ සමාජයෙන් බැහැරවී ස්ව්‍යං නිරෝධායනයේ නිරත වීම හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යාම අපගේ යුතුකම හා වගකීම බව පැහැදිලි වේ.

දෙවනුව මා ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ අපි සියලු දෙනා මෙම උවදුරෙන් ගලවා ගැනීම සඳහා දේව ආශීර්වාදය පැතීම ද අනිවාර්‍ය වන බවයි. මෙම අවස්ථාවේ දී එය අප කාගේත් යුතුකමක් සේම මෙම උවදුරට එරෙහි අපි සතු එකම අවියද වේ.

මෙවැනි වසංගත ව්‍යසනයකදී භෞතික සාධක මත ආරක්ෂා වීම මෙන්ම දේව ආශීර්වාදය මගින්ද ආරක්ෂාව පැතීම වැදගත් වේ. එවැනි ප්‍රාර්ථනාවක තිබිය යුතු මූලික ගුණාංගයක් පිළිබඳව මෙහි සඳහන් කිරීමද වැදගත් යයි සිතමි.

ප්‍රාර්ථනාව යනු මුස්ලිම්වරයෙකුගේ යහපත වෙනුවෙන් පමණක් සීමා වූ දෙයක් නොවේ. එය මුස්ලිම් නොවන සෙසු සොහොයුරන්ගේ යහපත වෙනුවෙන් ද කළ හැකිය.

මුස්ලිම් නොවන අය සමග වූ සම්බන්ධතා ගැන දෙවිඳුන් සඳහන් කරන විට මෙසේ පවසයි.

لا ينهاكم الله عن الذين لم يقاتلوكم في الدين ولم تخرجوكم من دياركم أن تبروهم …

“ආගමික කටයුතුවල ඔබ සමඟ සටන් නොකළ සහ ඔබේ නිවෙස්වලින් ඔබව නැරපීම් නොකළ මුස්ලිම් නොවන අය සමග හිතවත්කම් පැවත්වීම, ඔවුන්ට පිහිට වීම සහ උපකාර කිරීම දෙවිඳුන් ඔබට තහනම් නොකරයි. “

මෙහි “උපකාර කිරීම” ලෙසට භාවිතා වන “بر” (බිර්) යන යෙදුම දෙමව්පියන්ට සැලකීම සඳහා ද යොදා ගෙනේ. එම යෙදුමම මුස්ලිම් නොවන අයට සැලකීමට ද භාවිතා කොට තිබීමෙන් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම ද ඔවුන්ට කරන උපකාරයක් වන බවට සැකයක් නොමැත.

දේවදූත මුහම්මද් තුමාණන් වරක් මෙසේ පැවසීය:

لا يؤمن أحدكم حتى يحب لأخيه ما يحب لنفسه.

“තමන්ට ප්‍රිය කරන දේම තම සහෝදරයාට ද ප්‍රිය කරන තාක්කල් ඔබෙන් කිසිවෙකු සැබෑ විශ්වාසවන්තයෙකු නොවන්නේය.”

ඉමාම් නවවි තුමාණන් විසින් රචිත රියාලුස් සාලිහීන් නැමති ග්‍රන්ථයට ලියා ඇති විචාරයක් වන දලීලුල් ෆාලිහීන් නම් ග්‍රන්ථයේ කර්තෘවන මුහම්මද් ඉබ්න් අලී ඉබ්නු මුහම්මද් නැමති වර්ෂ 1054 දී මක්කාවේ උපන් විද්වතා පවසා ඇත්තේ මෙහි සඳහන් “සහෝදරයා” යන යෙදුම පොදුවේ මුස්ලිම් සහ මුස්ලිම් නොවන සියලු දෙනාටම අදාල වන බවයි.

එසේම නබිතුමානන් තවත් වතාවක්;

خالق الناس بخلق حسن

“අන් මිනිසා සමග යහගුණයෙන් හැසිරෙනු” යනුවෙන් පැවසීය.

මෙහිදී නබිතුමානන් “මිනිසා” යනුවෙන් පැවසුව මිසක් මුස්ලිම් අය සමග ලෙස පවසා නොමැත. ඉන් අදහස් වන්නේ මුස්ලිම් නොවන අයවලුන් සමගද හොදින් ජීවත් විය යුතු බවයි. එහෙයින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් දෙවියන්ගෙන් ප්‍රර්ථනා කිරීම ද ඇතුලත් වන බවට කිසිදු සැකයක් නොමැත.

අපි හොඳ සෞඛ්‍ය සම්පන්න හා සුරක්ෂිත ජීවිතයක් භුක්ති විඳීමට ඇති ආශාව වගේම අන් සහෝදරයන්ටත් ඇති බව මතක තබා ගත යුතුය. එම නිසා ඔවුන්ගේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම ද අපගේ යුතුකම බවයි ඉහත නබිතුමන්ගේ වදන පවසන්නේ.

ආදරණීය සහ ගෞරවනීය මගේ සහෝදර සහෝදරියනි!

මෙරට තුළ යහපත් ජීවිතයක් ගත කිරීමට නම් අපි ඉතා අවධානමින් සිටිය යුතු කාලයයි මේ. අප වටා ජනවාර්ගික අර්බුදයක් නිර්මානය වෙමින් පවතී. එම අර්බුදයෙන් ගොඩ ඒම බැහැවින්ම පවතින්නේ අපගේ දෑතේය. මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මෙම මොහතේ අපි ඉතා වගකීමෙන් සහ අවධානමෙන් කටයුතු කිරීමෙන් පමණයි අපව ආරක්ෂා කරගත හැකි වන්නේ. ජනවාර්ගික ගැටුම් වලින් තොර අනාගතයක් අපගේ දුවා දරුවන්ට උරුම කිරීමට නම් අපි නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමෙන් මෙවෙනි ගැටුම් ඇති නොවීමට වගබලා ගැනීම අපගේ විශාල වගකීම වේ. එම පසුබිම තුලයි මා මෙම අදහස ඉදිරිපත් කිරීමට පෙළඹුනෙමි.

අද අපි ජීවත් වන්නේ එවැනි අවාසනාවන්ත තත්වයක ය. කොරෝනා වසංගතයේ අනතුරුදායක පරිසරයක ජීවත් වෙමු. මෙවැනි බැරෑරුම් තත්ත්වය තුළ වාර්ගික ගැටුමක් ද පැවතියේ නම් එය ඉතා බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.

එබැවින් කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීම සහ අපගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති නීතිරීතිවලට බාධා නොවිය යුතුය. ඒවා පාලනය කිරීම හා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කොට අපිවත් අපි වටා සිටින අපගේ ඥාතින් සහ අනෙකුත් සෑම ශ්‍රී ලාංකිකයන්ව ආරක්ෂා කරගැනීම අපගේ වගකීම බව වටහාගත යුතුය.

Usthaz M.A.M. Mansoor




yX Media - Monetize your website traffic with us Advertising that works - yX Media

ආදරණීය සහෝදර සහෝදරියනි, මෙවැනි අවස්ථාවක අපගේ යුතුකම හා වගකීම පිලිබඳ කරුණු කිහිපයක් මෙහි සඳහන් කිරීමට අපේක්ෂා කරමි. ඉස්ලාමීය අධ්‍යයනය සහ ෆත්වා සඳහා වූ යුරෝපානු කවුන්සිලය…

ආදරණීය සහෝදර සහෝදරියනි, මෙවැනි අවස්ථාවක අපගේ යුතුකම හා වගකීම පිලිබඳ කරුණු කිහිපයක් මෙහි සඳහන් කිරීමට අපේක්ෂා කරමි. ඉස්ලාමීය අධ්‍යයනය සහ ෆත්වා සඳහා වූ යුරෝපානු කවුන්සිලය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *