Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
රුහුණු කුමාරි මාතරින් ඉවරයි ද? 

රුහුණු කුමාරි මාතරින් ඉවරයි ද?

  • 39

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

ජනවාරි 1 වෙනිදා සිට රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කෙරේබෙලිඅත්තෙන් 5.25
මාතරින් 6.05
මාතර මිනිසුන්ට වාඩිවෙලා යන්න තිබුණ එකම දුම්රිය. දැන් ඒකත් ඉවරයි. රුහුණු කුමාරි මාතරට තියලා හම්බන්තොට කුමාරි දැම්ම නම් ඉවරයි නේ….

ඇත්තටම මාතර මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න කිසිම බලධාරීයෙක් නැද්දෝ මන්දා…..

ශ්‍රී ලංකාවේ මුල්ම නිල සන්නාම සහිත සීඝ්‍රගාමී දුම්රිය වන රුහුණු කුමාරි දුම්රිය මුල් වරට ධාවනය වී ඇත්තේ 1955 ඔක්තෝබර් 24 වැනිදා දිනෙකයි.

යකඩ කුමාරිගේ මංගල ගමන ඇයට ගැහනු දරුවෝ තිදෙනෙකු වූහ . ‘ මැණිකේ ‘ , ‘ කුමාරි ’ , ‘ දේවී ’ නම් වූ මේ දැරියන් තිදෙනාගේ මංගල ගමන එකම දිනෙක සිදු කිරීමට වැඩිහිටියෝ තීරණය කළහ . ඓතිහාසික මංගල ගමන සිදු වී රුහුණුකරයට එන නව මනාලිය ගමන නිමාවන තැනදී මහත් හරසරින් පිළිගැනීමට මාතර පුර වාසීහු ලහි ලහියේ සූදානම් වෙති . විචිත්‍ර වර්ණ රෙද්දෙන් හැට්ටයෙන් සැරසුණු මැදි වියේ කතුන් කණ්ඩායම් වශයෙන් සිය රබාන පදමට රත්කරමින් සිටියේ උඩින් උඩින් වර පෙත්තප්පු – බිමින් බිමින් වර පෙත්තප්පු ” පුරල් වාදනය කිරීමට ය . තවත් තැනක රතිඤ්ඤා වැල් ගිනි . අවුළුවන්නට නොඉවසිල්ලෙන් ගිනි පෙනෙලි අත තබා ගෙන සිටින දහකාර වියේ පොලුවන් කිහිප දෙනෙකි . කෙසෙල් පතුරු ආදියෙන් අලංකාර වූ තොරණ හැරෙන්නට පාට පාට ක්‍රේප් කඩදාසි අතු , ගොක් ආරුක්කු නිර්මාණය විය.

යුවතියට දැන් දැන් ඉදිරියට එන මනාලිය මංගල නිවඟකට සැත්වීමට නවත් මිනිත්තු කීපයක් තිබෙන බව දුරකථනය දැනුම් දන්නේ ය . පිරිස කලබල විය . කඩිගුලකට උණු අලු වැටුනා මෙනි.. කළුකර , අලුත්ගම , අම්බලන්ගොඩ , හික්කඩුව , ගාල්ල , අහංගම , වැලිගම , ආදී නගරවල පිළිගන්නට ආදර සාද ද ආරංචි ලැබිණි .මේ නගර වල නතර වෙමින් ගමන් විඩාව සංසිදුවා ගත් කුමාරිය තරමකින් හෝ සංගකරවමින් කුමාරිය මාතරට සැපත්වන විට හිරු නිමවා විඩාවට පත්ව හිරු අස්තාන ගතවන්න ඔන්න මෙන්නය.. දිග ශාලාව මැද කැටුම් , කෙසෙල් , කිරිබත්වලින් පිරුණු අලංකාවර ව කැරූ විශාල කෑම මේසයකි . කෑම රසය දුටුවන්ට හිත් ඇදි ගියේය .. කවදක් මාතර ආගන්තක සත්කාරයේ තරම කියා පැවේ . ය . කුමාරි ගේ අලුත් හිතවතුන් , නැදෑයන් පිරිස දැකගන්නට නොඉවසිලිමත්ව අනන්තය බලා සිටින්නන්ට එන හතිලන හඬ දුර සිට ඇසෙන්නට විය..
එනවා එනවා ඔන්න එනවා . යි . කිහිප සදනකුගේ හඬ ඇසෙන විට ඈතට දිවෙන රේල් පීලි දිගට ඇස් යැවූ මහ සෙනගට එක ඇසකින් ආලෝකය විහිදුවමින් එන කුමාරිගේ හැඩරුව ළඟ ළඟ ම පෙනෙයි . ඇය ආවේ වෙනත් කුමාරියන් එන සුකුමාල ගමනින් නොවේ. පළාතම දෙදරුම් කරමිනි . “ රුහුණු කුමාරිට – පටකුඩ දෙක දෙක වදනකට හුරු කඩාත් නංවමිනි ” කරා ං, කරාං යන හඬින් පීලි දෙකින් සන් කිරී කැසෙන හඩක් නංවමින් කුමාරිය නතර විය..\

රතිඤ්ඤා හඬත් , රබන් හඬත් කුමාරි පැමිණි හඬ පරදවමින් රඛාන් සුරල් හඩ තදින් වදී . ඒ . නොවේ .

කුමාරි බාර ව ඇගේ පියා යැයි සිතිය හැකි උස් මහත් දේහයකින් හෙබි මැදි වියේ තැනැත්තකු පිරිවරා ගත් තවත් බොහෝ දෙනකු පැමිණියහ . එද පැමිණි වගකිව යුතු පෙනුමෙන් යුත් තැනැත්තා දුම්රිය සමාන්‍යාධිකාරී බී . ඩි . රම්පාල මහතා බව කියනු ඇසිණි . මාතරට කුමාරි හා පැමිණි නෑදෑ පරිස පිළිගත්තේ සී . ඒ . හරිස්චන්ද්‍ර මැතිතුමා ප්‍රමුඛ මාතර සම්භාවනීය පිරිසකි . රුහුණු කුමාරි මාතරට පැමිණි මුල් දවසේ රුහුණු කුමාරි පිළිගත්තේ හස්චන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙනි

මාතර අපි කාගේත් සුන්දරී – රුහුණු කුමාරි

මේක කියවන ඔහෙලා මාතරනම් ජීවිතේ එකපාරක් හරි රුහුණු කුමාරි එකේ ගිහින් ඇති ,ඒක ඒ තරම්ම මාතර ජනතාවගේ ජීවිතත් එක්ක බැදිලා තියෙන්නේ ,සමහර අය උදේට ඇහැරෙන්නෙත් රුහුණු කුමාරිගේ හූවට ,හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි ඩී බී රම්පාල මහතාගේ අදහසක් අනුව නම් පටබැදුනු රුහුණු කුමාරි මේ වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දිගම දුම්රිය වෙනවා ,රුහුණු කුමාරි තමන්ගේ මංගල ගමන සිදුකරේ
ඔන්න ඔය කාලේ මාතර ඉස්ටේසමේ පින්තුර ටිකකුත් සමහර ඒවා 1895 දක්වා පරණයි

මාතර කොච්චි ඉස්ටේසම

ඉස්සර උදේ 5.30 මාතරින් ගමන ආරම්බ කරපු කුමාරි කොටුවට එනකොට උදේ 9.45 විටර උනා ,මුල් කාලේ ඉදලම එන්ජිමක් මගින් ඇදගෙන ගිය කොච්චි පෙට්ටිවලින් සමන්විත් උණු මෙයා දැන් බලවේග කට්ටල දෙකක පිහිටෙන් ඉගිලෙනවා,නවීකරණ කරපු දුම්රිය පාරත් ඒකට උදවු වෙනවා ,දැන් මාතර ඉන්න කොළඹ වැඩකරන ගොඩදෙනෙක් ගෙදර ඉදලම වැඩට එනවා මේ නිසා,දැන් උදේ 6.05 ට මාතරින් පිටත්වෙන කුමාරි උදේ 8.45 වෙනකොට කොටුවට එනවා ,ඔන්න බලාගන්න දැන් කුමාරිගේ දිගේ තරම හැබැයි දැන් අපි පොඩි කාලේ ආසාවෙන් බලන හිටපු දෙයක් නම් තවදුරටත් දැන් පොඩි බබාලට දකින්න ලැබෙන්නේ නෑ,ඒ තමයි ගාල්ලේදී එන්ජිම ගලවලා හයිකරන ඒක ,දැන් ඉතින් දෙපැත්තටම එන්ජින් නිසා

ඒක තවදුරටත් වලංගු නැහැ ,

අදට ඉතින් ඔච්චරයි ,අපේ යාලුවොන්ට රුහුණු කුමාරි සමග බැදුණු රසවත් මතකයන් ඇත්නම් සදහන්කරන මෙන් ඉල්ලා සිටිනවා ,

උපුටා ගැනීමකි..
ිඡායාරූපය නලින් අබේසිංහ මහතාගෙනි.

ජනවාරි 1 වෙනිදා සිට රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කෙරේබෙලිඅත්තෙන් 5.25 මාතරින් 6.05 මාතර මිනිසුන්ට වාඩිවෙලා යන්න තිබුණ එකම දුම්රිය. දැන් ඒකත් ඉවරයි.…

ජනවාරි 1 වෙනිදා සිට රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කෙරේබෙලිඅත්තෙන් 5.25 මාතරින් 6.05 මාතර මිනිසුන්ට වාඩිවෙලා යන්න තිබුණ එකම දුම්රිය. දැන් ඒකත් ඉවරයි.…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *